වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




විරාත්ගෙන් Sixer අනුෂ්කා Not Out

විරාත්ගෙන් Sixer අනුෂ්කා Not Out

හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ නිසාදෝ අනුෂ්කා ෂර්මා, විරාත් කෝලි සමඟ ඇති සබඳතාව ප්‍රසිද්ධියේම පිළිගෙන ඇත. බොලිවුඩයේ සිටින ලාබාලම පෙම්වතුන් යුවළ වන්නේ තමන් දෙදෙනා බව ඇය පවසන්නීය. තම සබඳතා පරම පවිත්‍ර සබඳතාවක් බව අනුෂ්කා පවසන්නේ හදපිරි සතුටිනි.

එහෙත් දෙදෙනාගේ පෙම් සබඳතාව ප්‍රසිද්ධියේ තේ කෝපි පානය කරමින් කථා කළ යුත්තක් නොවන බව නම් අනුෂ්කා පවසන්නේ සිත සතුටින් නොවෙයි.

විරාත් කෝලි අනුෂ්කාගේ ආදරය තහවුරු කළේ විලාසිතා ප්‍රදර්ශනයක විවෘත කරද්දීය. ඔහු ද අනුෂ්කාගේත් තමාගේත් ආදරය පොදු දේපළක් වනවා දකින්නට කැමැති නැත.