වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




දර්ශන්ගේ අලුත් ගෙදර

දර්ශන්ගේ අලුත් ගෙදර

දර්ශන් ධර්මරාජ් කියන්නේ ගමේ කොල්ලෙක් කියලා නොදන්න කෙනෙක් නැති තරම්. තම පවුලේ උදවිය රක්වාන ගමේ තියලා ඔහු කොළඹට වෙලා හිටියේ රංගන කටයුතු හින්දා. ඉඩ ඇති පරිදි දර්ශන් ගමේ දුවන්නේ පවුලේ සෙනෙහසට මැදිවෙන්න ඕනි හින්දා. ඔහු එන්න එන්න කාර්යබහුල වුණා. මේ හේතුවෙන් ගමේ යාමත් අඩු කරන්න සිද්ධ වුණා. අන්තිමේ දර්ශන් තීරණය කළාලු තම පවුලේ උදවියව කොළඹ ගෙන්වා ගන්න.

කොළඹ මරදානේ සෝභිතපුර නම් වූ නවතම මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තමයි දැන් දර්ශන්ගේ නව නවාතැන. ඊට පසුගියදා ඔහු පවුලේ පිරිසක් සමග සුබ මොහොතින් පදිංචි වුණා. හැබැයි තවම අලුත්ගෙදර ගෘහ භාණ්ඩ එහෙම අරගෙන නැතිලු. නිවසේ අඩුපාඩු ගැන සොයා බලන ගමන් තමයි දර්ශන් මේ දවස්වල රූගත කිරීම් වලට සහභාගි වෙන්නේ. මේ වැඩකටයුතු අතරතුර ඔහුට තවත් කාර්යයත් බාරවෙලා. ඒ ෂුටින් නැති වෙලාවට ගෙදරට අවශ්‍ය කළමනා සොයන්න බිරිඳ යන වෙලාවල්වලදී සිඟිති දියණිය බලා ගන්න එක. දර්ශන් ඒ වැඩකටයුතු කරන්නෙත් හරිම ආසාවෙන්ලු. කලකට පසු දියණිය තාත්තත් එක්ක ඉන්න ගමන් තාත්තාගේ පිටපත් කියවන්නත් පටන් අරගෙන කියලා අපට දැනගන්න ලැබෙනවා.