වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




වසරේ සුන්දරම මනාලිය දරු සිහින දකිමින්

වසරේ සුන්දරම මනාලිය දරු සිහින දකිමින්

අමෙරිකානු නිරූපණ ශිල්පිණියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියකද වන කිම් කාර්ඩිෂියන් සහ රැප් ගායක කේන්යේ වෙස්ට්ගේ විවාහ මංගල්‍ය බොහොම උත්සවශ්‍රීයෙන් ඉතාලියේදී පැවැත්විණි. හොලිඩුවේ වසරේ සුන්දරම මනාලිය ලෙස බොහෝ දෙනා නම් කර සිටියේද ඇය යි.

මේ දින වල ඇය දකින්නේ දරුවෙකු පිළිබඳ වූ සිහිනය යි. විවාහ වන විටදීත් කිම් සහ කේන්යේ මාපිය පදවි ලැබූයේ දියණිය නෝර්ත් වෙස්ට් ගෙනි. ඇයගේ දැන් වයස මාස හතරකි. “මම තව දියණියක් සහ පුතෙකු පිළිබඳ සිහින දකිනවා. එය නෝර්ත්ටත් සතුටක් වේවි. මම හැමදාම විශාල පවුලකට ප්‍රිය කළා. අපි දැන් තවත් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින්නේ” කිම් පවසන්නීය.