වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සක්කාරං බැංගලෝර් යයි

සක්කාරං බැංගලෝර් යයි

චම්මින්ද වෙළගෙදර විසින් රචනා කළ සම්මානනීය නවකතාවක් වූ සක්කාරං ඇසුරෙන් ආචාරය ධර්මසේන පතිරාජ නිර්මාණය කළ සක්කාරං සිනමාපටය හත්වැනි බැංගලෝර් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරයි. උළෙල පසුගිය 4 වැනිදායින් ආරම්භ විය. අද එහි අවසන් දිනයයි. මෙහිදී ඉන්දියාව, ඉරානය, බංග්ලාදේශය සහ පාකිස්ථානය යන රටවල් නියෝජනය කරමින් සිනමාපට තිරගතවනු ඇත.

එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ ‘සක්කාරං’ හි සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, සරත් කොතලාවල, බිමල් ජයකොඩි, ප්‍රසාදිනී අතපත්තු, ගයාන් වික්‍රමතිලක, චමිලා පීරිස්, පුබුදු චතුරංග, සැනෙට් දික්කුඹුර රංගන දායකත්වය සපයති.

චම්මින්ද වෙළගෙදර තිර රචනය සකසා ඇත. ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙයවයි. නදීක ගුරුගේ ගේ සංගීත අධ්‍යක්ෂණයකි. ලාල් හවීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂවරයාය. එල්මෝ හැලිඩේ සක්කාරං සංස්කරණය කොට ඇත.