වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




තහනම ඉවතට බොර දිය පොකුණ එළියට

තහනම ඉවතට බොර දිය පොකුණ එළියට

තහනමකට ලක්ව තිබූ සත්‍යජිත් මා ඉටිපේ ගේ බොරදිය පොකුණ සිනමාපටය සත් වසරකට පසු සියලු වාරණයන් ඉවත් කොට ලබන වසරේ සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. සුනිල් ටී. චිත්‍රපට ඉදිරිපත් කිරීමක් ලෙස කලඑළියට පැමිණෙන එහි නිෂ්පාදකවරයා වශයෙන් සුනිල් ධර්මසිරි කටයුතු කරයි.

ධර්මසිරි බණ්ඩාරනායක, කෞශල්‍යා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, ඩිලානි අබේවර්ධන, නන්දනී සෙනවිරත්න, දුමින්ද ඩි සිල්වා, පි‍්‍රයංකා සමරවීර, ගයාන් ලක්රුවන්, චන්දු කළුආරච්චි, ලියෝනි කොතලාවල, රෝහිත කරුණාරත්න, රත්නාවලී කැකුණවෙල ආදීහු රංගන දායකත්වය සපයති.

කැමරාව පාලිත පෙරේරා මෙහෙයවා ඇත. රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයකි. අධ්‍යක්ෂණය මෙන්ම කතාව දෙබස් තිර රචනය මාඉටිපේගෙනි.