වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




බිල් මුරේ ළමුන් සමග රංගනයට අකමැති වෙලා

බිල් මුරේ ළමුන් සමග රංගනයට අකමැති වෙලා

කුඩා දරුවන්ට කවුද අකමැති වෙන්නේ? ඒ වුනත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් පොඩි දරුවන් සමගින් රංගනයට කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙම තත්ත්වයක් ඇති වෙන එක එතරම් හොඳ දෙයක් නොවුනත් බිල් මුරේ ළමුන් සමගින් රංගනයේ නිරතවීමට පළ කර සිටින්නේ අකමැත්තක්. ඒ විතරක් නෙවෙයි ඔහු රංගනයේ නිරත වෙන ළමුන්ගේ මව්පියන්ටත් දෝෂාරෝපණය කර සිටිනවා.

එහෙත් එක ළමයෙකු නම් බිල්ගේ කැමැත්ත දිනා ගෙන සිටිනවා. ඒ ජේඩ්න් ලීබර්. ඔහු බිල්ගේ අලුත්ම චිත්‍රපට St Vincent රංගනයට එක් වී සිටිනවා. බිල් පවසන්නේ ජේඩ්න් නම් වෘත්තීය රංගන ශිල්පියෙකු ලෙසින් රංගනයේ නිරතව ඇති බවයි.

ළමුන්ට අකමැති බිල් මේ ළමා නළුවා ගැන අදහස් ප්‍රකාශ කළේ මේ අයුරින්. “මා සමගින් රංගනයේ යෙදුණු නළු නිළියන්ට වඩා හොඳින් ජේඩ්න් රංගනයේ නිරත වුණා. ඔහු ඒ වෙනුවෙන් හොඳ පුහුණුවක් ලබන්න ඇති. එය රංගනයට බොහෝ වටිනවා. ඇත්තටම ජේඩ්න් සාමාන්‍ය ළමයෙකු ආකාරයෙන් රඟපෑවා. මම තවත් චිත්‍රපටයක ඔහු සමගින් රංගනයේ නිරත වෙන්න කැමැතියි.”