වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




වෙන් වූ යුවළ නත්තල එකට කයි

වෙන් වූ යුවළ නත්තල එකට කයි

අමෙරිකානු ගායිකා මාරියා කේරි සහ හොලිවුඩි නළු නික් කැනොන් මෙවර නත්තල එකට සමරන්න තීරණය කරලා. එකිනෙකා වෙන්ව ජීවත් වන මේ යුවළ නත්තල එක්ව සමරන්න තිරණය කර තිබෙන්නේ ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනාගේ සතුට වෙනුවෙන්.

ටික කලක පටන් කේරී සහ නික් වෙන්ව වාසය කළත් එය නිළ වශයෙන් ප්‍රකාශ කළේ මීට ටික කළකට ඉහතදීයි. මේ බව දන්වා කේරී විසින් මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කළා.

ඒ වුනත් නික් සඳහන් කර සිටියේ දෙදෙනා සෑම දිනකම කතාබහ කරන බවත් කෙටි පණිවුඩ පවා හුවමාරු කර ගන්නා බවයි. “ මගේ දරුවන් මගේ ජීවිතයේ අංක එක. මට ලෝකයේ හොඳම තාත්තා කෙනෙක් වෙන්න ඕනි” නික් පවසනවා.

මෙවර නත්තල හොඳම නත්තල වෙන්නේ කේරී සහ නික්ගේ දියණිය වන මොන්රෝ සහ පුතා මොරොකන්හටයි. නත්තල සැමට සාමය හා සතුට ගෙන එන්නා මෙන්ම මේ පුංචි පවුල ආයෙමත් එක වහලක් යටට ගෙන්නක් ද වේවි.