වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිකියුරිටි සින්නතම්බි යළි ඇරැඹේ

සිකියුරිටි සින්නතම්බි යළි ඇරැඹේ

අශෝක සෙනරත් මුදලිගේ මීට වසර 20 කට පෙර නිර්මාණය කළ සිකියුරිටි සින්නතම්බි නාට්‍ය හි නව නිෂ්පාදනයේ වැඩ කටයුතු පොලොන්නරුවේ පැවති මුහුරත් උළෙලකින් පසු ආරම්භ විය. එදා පාලිත සිල්වා මැවූ සින්නතම්බි චරිතය මෙවර රඟනු ලබන්නේ දීපාල් සිල්වා විසිනි. දීපාල් මෙසේ වේදිකා නාට්‍යයක රඟනු ලබන්නේ වසර දහයකට පසුවීම විශේෂත්වයකි.

නන්දන හෙට්ටිආරච්චි, ලක්ෂමන් ආරච්චිගේ, ගාමිණී කුමාර, සරත් පීරිස් ,ශිෂන්ති ජයතිලක, ආශා සේපාලිකා, කරු අතුකෝරාල, ජේ. ඒ. කරුණාරත්න, පූජා කුමාරි ආදීහු සිකියුරිටි සින්නතම්බි හි රඟපාති.

රමේෂ් ජයසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, හෙන්රි ප්‍රේමරත්න අංග රචනයෙන් ද මේ සඳහා එක් වෙති. රෝහිත වික්‍රමසිංහ සිකිරියුටි සින්නතම්බිි නිෂ්පාදනය කරයි.

මේ මුහුරත් උළෙලදා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි.