වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




තණ්හා රතී රඟා පනහයි

තණ්හා රතී රඟා පනහයි

නිලේන්ද්‍ර දේශපි‍්‍රය කුළුඳුල් සිනමාපටය වූ තණ්හා රතී රඟා ජයග්‍රාහී දින පනහ සපිරෙයි. අනිද්දාවන විට එය තිරගතවීමට පටන් ගෙන දින හැටක් සපුරයි. මේ වනවිට එය සිනමා ලේලීන්ගේ විවිධ ප්‍රතිචාර මැද තිරගතවන බව අධ්‍යක්ෂවරයා අපට දැන්වීය.

සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ තණ්හා රතී රඟා සුනිල් ටී. මෙතෙක් නිෂ්පාදනය කළ හොඳම චිත්‍රපටය බව විචාරක මතයයි.

සරත් කොතලාවල කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ සමඟ ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමාලි තණ්හා රතී රඟා රංගනයෙන් හැඩ කරති. මෙහි කැමරාව ධනුෂ්ක ගුණතිලක ගෙනි.

ජාත්‍යන්තර සිනමා උළෙලන් කිහිපයකින්ම හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර තිර රචනයකට අනුව නිර්මාණය වූවකි.