වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




No Politics

No Politics

සෝනක්ෂි සිංහ පවසන්නේ දේශපාලනය තමන්ට රසවත් තේ කෝප්පයක් නොවන බවයි. විසිහත් හැවිරිදි සෝනක්ෂි තම නළු දේශපාලනඥ පියා සමඟ දේශපාලනය ගැන කථා කළ ද, කිසි දිනක දේශපාලනයට නම් සම්බන්ධ නොවන බව පවසන්නීය. ඊට හේතුව ඇයගේ නිර්මාණශීලීභාවයට දේශපාලන ක්ෂේත්‍රය ගැළපෙන තැනක් නොවීමයි. මේ දිනවල ඇය රැඟූ ‘ඇක්ෂන් ජැක්සන්’ තිරගත වන්නීය.

දේශපාලනය ගැන කථා කිරීමේ කැමැත්ත පවා සෝනක්ෂිට ඇති වී තිබෙන්නේ අගමැති නරේන්ද්‍ර සිං මෝදි බලයට පත්වීමත් සමඟයි.

මෑතකදී සෝනක්ෂි කබඩි ලෝක කුසලාන තරගයේ සමාරම්භක උත්සවයට පියා සමඟ සහභාගි වූවාය. ඇය ද කබඩි පිලක අයිතිකාරියකි.

මීළඟට සෝනක්ෂි රැඟූ සිනමාපටයක් තිරගතවීමට නියමිත නව වසරේ ජනවාරි 9 වැනිදායි. ඒ අර්ජුන් කපූර් පෙම්වතා ලෙසින් රඟන ‘තේවාර්’ සිනමාපටයයි.

සෝනක්ෂි දේශපාලනයට සම්බන්ධවීමට ඇති නොකැමැත්ත එසේ පළ කළත්, දේශපාලනය සහ බොලිවුඩය අතර ඇත්තේ කිසිදා වෙන් කළ නොහැකි සබඳතාවකි. වසරේ කොයි කවුරුත් පුල පුලා බලා සිටි අමීර් ඛාන්ගේ ‘පීකේ’ තිරගතවීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් දහනව වන දිනයි. ඔහු අගමැති නරේන්ද්‍ර සිං මෝදිට කෙතරම් කාර්යය බහුල වුවත් ‘පීකේ’ බලන ලෙසට ඉල්ලා සිටින්නට අමීර් ඛාන් අමතක කර නැත.

‘පීකේ’ සිනමාපටය ‘බෝජ්පූරි’ බස නිසා වඩාත් රසවත් වී ඇති බව අමීර්ගේ හැඟීමයි. ඔහු පවසන අන්දමට දිලිප් කුමාර්ගේ ගංගා ජමුනා සිනමාපටයේ දිලිප් කතා කර තිබෙන්නේ ද බෝජ්පූරි බසිනි.