වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැණුනා මට අම්මේ ...

නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැණුනා මට අම්මේ ...

දුලීකා මාරපන කෑගල්ල තම ගමට ගිහිල්ලා. ඒ නිවාඩුවක් ගත කරන්න නම් නෙවෙයි. ඇයගේ මවගේ අසනීප තත්ත්වය හේතුවෙන්. කෙතරම් වැඩ රාජකාරි තිබුණත් දුලීකා තමන්ව හදපු වඩපු අම්මාගේ සුවදුක් සොයා බලන්න අමතක කරන්නේ නැහැ.

ඇයගේ මේ උතුම් ගුණාංගය ගැන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු කතා කරන්නේ ප්‍රශංසා මුඛයෙන්. දුලීකා රංගන දායකත්වය සපයන ලෝරන්ස්ගේ මනමාලි නාට්‍ය රටවටා වේදිකාගත වෙනවා. ඒ වගේම ඇගේ අපූරු රංගනයෙන් හැඩ වූ සිහින ටවුම ටෙලි සිතුවමට ඉහළ ප්‍රතිචාර ලැබුණ බවයි වාර්තා වෙන්නේ. කලා කටයුතු එසේ සිදු වෙද්දී දුලීකා හැකිතාක් ඉක්මනට කොළඹ එනවා කියලා අපට කිව්වා.