වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




පී.කේ. සමඟ ඛාන් හවුලක්

පී.කේ. සමඟ ඛාන් හවුලක්

‘පීකේ’ සිනමාපටය බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වයෙන් හොඳ හිත පතුරවන සිනමාපටයක් බවට පත් වී අවසානය. එයට හේතුව අමිර් ඛාන්, ෂාරුක් ඛාන් සහ සල්මන් ඛාන් වෙනුවෙන් විශේෂ පූර්ව දර්ශනයක් පෙන්වීමට තීරණය කර තිබීමයි.

කෙසේ වෙතත් ‘පීකේ’ සිනමාපටයේ පළමු ප්‍රේක්ෂකයා වී සිටින්නේ නම් පොඩිත්තෙකි. ඒ අන් කවරකුවත් නොව අමීර්ගේ තුන් හැවිරිදි පුතු අසාද්ය. අසාද් සිනමාපටයේ හඬකවන අවස්ථාවේ පවා තොටිල්ලේ සිට සියල්ල බලා සිටියේය. ඔහු පියා රඟන දර්ශන දෙස දෑස් විශාල කරගෙන මහත් වුවමනාවෙන් බලා සිටි බව ඇසින් දුටුවෝ පවසති.

සල්මන් ඛාන් සහ ෂාරුක් ඛාන් සමගි සන්දානයක් ගොඩ නැඟුණේ 2008 වසරෙන් පසුවයි. ඒ සමගි සන්දානයේ මිහිරිම මතකයක් බවට ‘පීකේ’ පත්වනු ඇත.