වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ නැරැඹිය යුතුම චිත්‍රපටයක් සිනමා සංධ්වනියක්

ඔබ නැරැඹිය යුතුම චිත්‍රපටයක් සිනමා සංධ්වනියක්

නිලේන්ද්‍ර දේශපි‍්‍රය විසින් නිර්මාණය කළ ‘තණ්හා රතී රඟා’ නමැති නවතම සිනමා නිර්මාණය දැකීමෙන් මට හැඟී ගියේ, හැටේ දශකයේ ප්‍රකට බ්‍රිතාන්‍ය සිනමා විචාරක රොජර් මැන්වෙල් විසින් දැක්වූ පරිදි සම්භාව්‍ය සිනමාවේ මාධ්‍ය ධාරාව තුළට එම නිමැවුම ඇදී ගොස් තිබෙන බවයි. මා උත්සාහ කරන්නේ මැන්වෙල්ගේ භාෂිතය පුනරුච්චාරණය කිරීමට නොව, නිලේන්ද්‍ර දේශප්‍රිය යනු නියත වශයෙන්ම සෙනඟ පිරීගිය සිනමා ශාලාවල තිරගත වන- ආදායම් වාර්තා බිඳ හෙළන- වාණිජත්වයට ලඝු වූ දෘශ්‍ය නිර්මාණකරුවෙකු නොවන බව පැවසීමට ය.

ප්‍රේ්ක්ෂකයෙකු වශයෙන් මට හැඟී ගියේ මෙම දෘශ්‍ය නිමැවුම බොහෝ ආකාරවලින් මානුෂීය ගැටලු, සමාජ-ආගමික ගතිලක්ෂණ වෙත සම්බන්ධ කරන බවයි. මෙය, සාමාන්‍ය දෘෂ්ටිකෝණයෙන් වෙනස්ව සහ ඉහළින් ‘නැවත කියවීමක්’ සහ ‘නැවත සොයායාමක්’ කළ යුත්තකි. මුල් අවස්ථාවේදීම දේශප්‍රියට දැක්මක් තිබේ. එම දැක්ම රටේ මෑතකාලීන පශ්චාත් යුද තත්ත්වය හා සබැඳී මානවවාදී ගැටලුවට සම්බන්ධ වන්නක් පමණක් නොව සමාජයීය තත්ත්වයන්ගේ හුදු ඓතිහාසික වැදගත්කම ඉක්මවා යන්නකි.

මෙහි ආඛ්‍යානයෙන් විදහා දක්වන්නේ තමන් ව නැවත සොයාගැනීමට කැස කවන මිතුරන් තිදෙනෙකුගේ සරල නාගරික ගතිලක්ෂණයන් ය. උතුරුකරයේ පැතිර පවත්නා සමාජ ආර්ථික තත්ත්වය යළි සොයායාමේ අපේක්ෂාවෙන් පශ්චාත් යුද පරිසරය තුළ ජීවන මග සොයාගැනීමට වෑයම් කරන ගජ මිතුරන් තිදෙනෙක් සේ ඔවුන් ව දැක්වෙයි.

මිතුරන් අතර පවතින සමාන අදහස් ද ඇතැම් සාධක හේතුවෙන් ඇතැම් වාතාවරණයන්හිදී වෙනස් වීමේ ප්‍රවණතාවක් ඇත.

ආගමික සන්දර්භය තුළ තණ්හා යන්නෙන් අදහස් කරන්නේ දැඩි ආශාව හෝ තෘෂ්ණාවයි. රතී යනු ඇලීම හෝ ලලාසාවයි. රඟා, මායාවී ස්වරූපය වන්නීය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම වැළැක්වීමට උත්සාහ කළෝ මේ නම් ඇති යුවතියෝ ය. මෙය චිත්‍රපටය තුළ සංකේතාත්මක ව දෘශ්‍ය මාධ්‍යයෙන් යොදා තිබේ.

මෙකී සාධක හෙළිකර ගැනීම ප්‍රේක්ෂකයෙකුට ප්‍රත්‍යක්ෂ කර ගත හැකි වඩාත්ම උජ්වලිත කාරණයයි. දේශපි‍්‍රය ප්‍රකාශනය කිරීමට වඩාත්ම ආශා කරන දෙය එම සංකේතනය තුළ ගැබ්ව තිබේ. චිත්‍රපටයේ නම පවා මිතුරන් තිදෙනාගේ ගතිගුණවල සංකේතයකි.

ගමනේ නිමැවුම්කරු සහ ත්‍රිරෝද රථ රියැදුරා (කුමාර තිරිමාදුර* සිය ළාබාල පෙම්වතිය (සුලෝචනා වීරසිංහ* සහ මව යන ලෝක දෙක අතර දෝලනය වන චරිතයක් රඟපාන භූමිකාවකි. කුමාර සහ සුලෝචනා, හුදු නිරූපණ ශිල්පියෙකුගේ හිස් වේශ්ඨාවන් යටපත් කරමින් අති විශිෂ්ට ලෙස සිය භූමිකාවන් ඉටුකරති. සුලෝචනා විසින් හසුකරගන්නා-වචනයෙන් කිව නොහැකි භාවයන්ගේ සංවේදී ප්‍රකාශනය, සිනමාවේ මෙන්ම රංග භූමියේද අපේ නිරූපණ ශිල්පිනියන් බොහොමයකට ආදර්ශයක් ලෙස මම දකිමි.

මා උත්සාහ කරන්නේ ගජ මිතුරන් තිදෙනා අතරින් අනෙක් නිරූපණ ශිල්පීන් දෙදෙනා අවතක්සේරු කිරීමට නොවේ. ඔවුන් ඉතා මනා ලෙස සිය චරිත නිරූපණය කරන අතර, විලම්භන ධාරාවන් සහිත නිමේෂයන්හිදී ප්‍රේක්ෂකයාගේද හද ගැස්ම එය වේ. නිර්මාණයේ කතා තේමාව ඝාතනයේ ඛේදනීය මොහොත වෙත එළඹුණද සැබෑ යථාර්ථය වනුයේ එය එසේ වීමෙන් ඔබ්බටද ගමන් කරන බවයි. විලම්භනය නොවැදගත් එකක් නොවන අතර, එය ජීවිතයේ සෑම භාගයකම මානව කාරුණිකත්වය අත්‍යවශ්‍ය බවට වන පරමාදර්ශයක් සම්ප්‍රේෂණය කරයි.

යහපත් දේශීය සිනමා සංස්කෘතියක් ගොඩනගා ගැනීම සඳහා සැලකිල්ලෙන් ලියූ තිර පිටපතක අවශ්‍යතාවය මෙහිදී නැවතත් පෙන්වා දෙයි. මෙය, දෘශ්‍ය කලාව උගෙන ගන්නා සන්නිවේදන සිසුන් සඳහා නිර්දේශ කළ මනා යැයි මට හැඟී ගිය, මනා සේ ගොඩ නංවන ලද තිර පිටපතකි.

මනා සේ ගොඩ නැංවූ තිර පිටපත අධ්‍යක්ෂවරයාගේ දෘශ්‍ය ක්ෂේත්‍ර අවබෝධය වෙත සම්බන්ධිත එකක් යැයි මට හැඟී යයි. චිත්‍රපටයේ දර්ශනයක් පාසා අධ්‍යක්ෂකවරයා සහ කැමරා ශිල්පීන් විසින් එම අවබෝධයට සංවේදී ලෙස බාධා කෙරේ.

මේ චිත්‍රපටය මග හැරෙන, සිනමාවට උනන්දුවක් දක්වන්නන් කෙරෙහි මට ඇති වන්නේ කනගාටුවකි. මේ දෘශ්‍ය නිර්මාණය තුළට ගුණාත්මයන් රාශියක් කා වැදී තිබෙන අතර සිනමා සංධ්වනියක් හෝ සිනමා ගීතයක් බවට එය පත්වී ඇත. නමුත් අපගේ දේශීය ප්‍රේක්ෂකයන් වෙතින් මේ සඳහා උචිත සැබෑ පැසසුම ලැබී නැති බව මා සඳහන් කරන්නේ කනගාටුවෙනි.

සිනමා ලෝකයේ අත්දැකීම් හා සැඟවුණු හැකියාවන් තුළින් අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශපි‍්‍රය අපේ දේශීය නිරූපණ ශිල්පීන් මෙන්ම සිනමා තාක්ෂණවේදීන් ද මනා ලෙස හසුරවා ඇති බව මට හැගී ගියේය. අධ්‍යක්ෂකවරයාට සුබ පතන අතර මා පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිනමා කෘතියේ සෞන්දර්යාත්මක අගය මෙන්ම එහි මුල පටන් අග දක්වා බලගන්වන ස්නේහය උදෙසා මෙම චිත්‍රපටය නරඹන ලෙසය. මෙය දේශීය සිනමා සංස්කෘතිය තුළ නව දර්ශන පථයන් විවර කරනා සිනමා සංධ්වනියක් බව නොකිව මනාය.