වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




දිලිප් රෝහලේ

දිලිප් රෝහලේ

බොලිවුඩ් සිනමා සියවසේ විශිෂ්ට රංගධරයා දිලිප් කුමාර් පසුගියදා ලීලාවතී රෝහලට ඇතුළත් කෙරුණේ සෙම් ආබාධයකටයි. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ නියුමෝනියාවෙන් පෙළෙන බවයි. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමට තරම් ඔහුට අසාධ්‍ය වී නොතිබීම සියල්ලන්ගේම සතුටට හේතු වී තිබේ.

දැන් ඔහු ප්‍රතිකාර ගනිමින් සාමාන්‍ය ලෙස කෑම බීම ගනී. දිලිප්ගේ සියලු තොරතුරු මහජනතාවට දන්වා තිබෙන්නේ ඔහුගේ ජීවන වෘතාන්තය ලේඛනාරූඪ කරන උදය නායර්ය.