වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




කැප කිරීමක් කළා පිළිගැනීමක් ලැබුණා

කැප කිරීමක් කළා පිළිගැනීමක් ලැබුණා

වසරේ ජනප්‍රියම නිළිය රුවන්ගි රත්නායක

වසරේ ජනප්‍රියම නිළිය වූ රුවන්ගි රත්නායකට අපි ප්‍රශ්න විස්සක් යොමු කළෙමු.

01. ජනප්‍රිය නිළිකම ලබා ගන්න කොච්චර කට්ටක් කෑවද?

මට ඔය ප්‍රශ්නයට කෙළින් උත්තරයක් දෙන්න බැහැ. හැබැයි මේ වගේ දෙයක් කියන්න පුළුවනි. සම්මානය ලබාගන්න කට්ටක් කෑවෙ නැති වුණාට මම මේ තැනට එන්න බෙහෙවින් මහන්සි වුණා. ඒ ගමනෙදි මට පෞද්ගලික කටයුතු පවා අතපසු වෙච්ච අවස්ථා එමටයි. කෙසේ නමුත් මට හොඳ නිර්මාණ ලැබුණා. ඒ හින්දා ජනප්‍රිය වුණා.

02. ජනප්‍රිය නිළි සම්මානය දෝතට ගත්තම ඔබට මුලින්ම සුබපැතුවේ කවුද?

මගේ අක්කා.

03. රුවන්ගිට අභියෝග වෙච්ච නිළියො කවුද ඉන්නේ?

එක්කෙනෙක්වත් නැහැ.

04. ඔබගේ මේ ජනප්‍රිය නිළි සම්මානය වෙනින් නිළියකට බාර දෙන්න කිව්වොත් කාවද ඔබ ඊට නිර්දේශ කරන්නේ?

මේ සම්මානය මගේ. මම මේක කාටවත් දෙන්නේ නැහැ. මට සුදුසු නිසානේ මට ලැබුණේ.

05. ඇයි තවමත් ඔබ හොඳම නිළිය නොවුණේ?

ඉදිරියේදී කලාත්මක නිර්මාණවලට වැඩි වශයෙන් දායක වෙනවා. එතකොට ඔය කියන සම්මානයත් ලැබේවි.

06. ඉස්සර රුවන්ගි කතා කරන හැම චරිතයක්ම බාර ගත්තද?

නැහැ, නැහැ. පිටපත කියවලා නිර්මාණකරුවෝ පිරිස කවුද කියලා හොයලා බලලා තමයි චරිත බාර ගත්තේ.

07. ඔබ එදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ජනප්‍රිය නිළි සම්මානය ලබාගන්නම හිතාගෙනද?

මම කොහොමත් වැඩි බලපොරොත්තුවෙන් යමක් කරන කෙනෙක් නෙවෙයි. එදා සම්මාන උළෙලට ගියෙත් ඒ අදහසින්. යාළුවො නම් විෂ් කළා ජනප්‍රිය නිළි සම්මානය අරගෙන එන්න කියලා.

08. හෙට ඉඳලා රුවන්ගිට රඟපාන්න අවස්ථා නොලැබුණොත් මොකද කරන්නේ?

මම එච්චර අවාසනාවන්තියක් නෙවෙයි. දැනටමත් නිර්මාණ රාශියකට කතා කරලා තියෙනවා.

09. තිරයේ පෙම්වතා රඟන්න කැමැතිම නළුවා?

ෂාරුක් ඛාන්.

10. රඟපාන්න ආසාවෙන් ඉන්න ඓතිහාසික චරිතය?

යශෝධරා දේවියගේ චරිතය.

11. රුවන්ගි කවදාද විවාහ වෙන්නේ?

සුදුසුසම කෙනා ලැබුණ ගමන් මගේ විවාහය සිද්ධ වේවි.

12. ඇයි නිළියන් වැඩිපුර තමන්ගේ අඟ පසඟ ඇඳුම් අඳින්නේ පිරිමින්ට ආකර්ෂණය කර ගන්නද?

එක එක අයගේ බුද්ධි මට්ටම අනුව තමයි තමන්ගේ ඇඟ අනුන්ට පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් මගේ මතයට අනුව පිරිමියෙකුව ආකර්ෂණය කරගන්න සීමාව හඳුනගෙන අඟපසඟ පේන්න ඇඳුම් අඳින එක නම් වරදක් නෙවෙයි.

13. රුවන්ගි සාමාන්‍යයෙන් මාසෙට ඇඳුම් කීයක් විතර මිලට ගන්නවද?

ප්‍රමාණයක් කියන්න අමාරුයි. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

14. ඔබේ ජීවිතයේ ආදර්ශවත් පුද්ගලයා කවුද?

මගේ අම්මා.

15. රුවන්ගි කැමැතිම අධ්‍යක්ෂවරුන් කවුද ඉන්නේ?

මෙතෙක් රඟපෑව සෑම අධ්‍යක්ෂවරයකුටම මම කැමැතියි.

16. අදින් වසර ගණනාවකට පෙරාතුව ඔබ සාමාන්‍ය ගැහැනු ළමයෙක් පමණයි. නමුත් අද ඔබ රටම දන්න කෙනෙක් මොකද හිතෙන්නේ?

පුදුමයි ඔබ කිව්වා වගේ ඉස්සර බස් එකක ගියත් මාව කවුරුවත් දන්නේ නැහැනෙ. කෙසේ වෙතත් මට අද හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ මං කළ කැපවීම්වලට ලද ප්‍රතිඵල.

17. ඔබට වරයක් දුන්නොත් මොනවද එය උපයෝගී කරගෙන කරන්නේ?

සමාජයේ පුද්ගලයින් හොඳ නරක වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න ලැබේවා කියලා පතනවා.

18. ලබන වසරේදිත් ජනප්‍රියම නිළිය කිරුළ ඔබද?

ඒක රසිකයෝ තීරණය කරයි.

19. රුවන්ගි පාවිච්චි කරන දුරකතනයේ වටිනාකම?

ලක්ෂයක් විතර.

20. පිරිමියකු සතු ඔබ අකැමැතිම ගතිගුණය මොකක්ද?

බොරු කියන එක.