වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිහිනපුරය අතහැර ජෙසිකා සහ ජස්ටින් උපන්ගමට

සිහිනපුරය අතහැර ජෙසිකා සහ ජස්ටින් උපන්ගමට

හොලිවුඩ් නිළි ජෙසිකා බිරල් සහ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු සහ ගායකයෙකු වන ජස්ටින් ටිම්බර්ල්ක් හොලිවුඩය හැර යන්න තීරණය කරලා. ඒ කිසිම කළකිරීමක් නිසා නම් නොවෙයි. ඒ වුනත් දැනටමත් මේ යුවළ හොලිවුඩය අතහැර වෙනත් ප්‍රදේශයක පදිංචි වෙන්න තීරණය කරලා. හොලිවුඩය කියන්නේ කලාකරුවන්ගේ සිහින පුරය යි. එය අතහැර යන්න සූදානම් වෙන්නේ කවුරුන්ද ?

ජෙසිකා සහ ජස්ටින් දකුණු අමෙරිකාවේ පිහිටි මේප්ස් නගරයේ පදිංචියට යන්නයි දැන් සූදානම් වෙන්නේ. මේප්ස් ජස්ටින් උපත ලැබ හැදී වැඩුණු ප්‍රදේශය යි. ඔහු කුඩා කාලයේදී ඉතා සුන්දර ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදාවූයේ මෙම ප්‍රදේශයේදීයි.

ජෙසිකා තම කුඩා විය ගත කළේ ටෙක්සාස් ප්‍රදේශයේයි. මෙවැනි තැනක ජීවත්වීම හොලිවුඩයේ ගත කරන ජීවිතයට වඩා සතුටුදායි ලෙසින් ගත කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

ඒ නිසා අනාගයේදී තම දරුවන්ට වඩා යහපත් දිවිපෙවතක් උරුමකර දීම වෙනුවෙන් ජෙසිකා සහ ජස්ටින් හොලිවුඩයේ පදිංචිය අතහැරීමට තීරණය කර අවසන්.