වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සජාඩ්ට මංගල සීනු

සජාඩ්ට මංගල සීනු

මට කියන්න නම් එපා, ගයාලා වයාලා, දෑසේ වෙළෙමින් මා ආදී ජනප්‍රිය ගීත රැසක් ගැයූ සජාඩ් හසන් හොර රහසේම විවාහ ගිවිසගෙන ඇති බව අපට දැනගන්න ලැබුණා. ඔහු නුවර වුණත් ගැහැණු ළමයාගේ පදිංචිය නම් කොළඹ කිරුළපනලු. සජාඩ්ට ආව යෝජනාවක් අනුව තමයි ඔහු මෙලෙස එම තරුණියව විවාහ කරගෙන තියෙන්නේ. ලබන වසරේ මැද භාගයේ විතර උත්සවශ්‍රීයෙන් විවාහ මංගල උත්සවය ඉතාම ජයට ගන්න සජාඩ් බලාපොරොත්තු වෙනවාලු.

සජාඩ් ගයන ගීතවල රසිකාවක් වන ඇය දිගු කාලයක සිට සජාඩ් පිළිබඳ දැඩි උනන්දුවකින් ඉඳලා තියෙනවා. ඒ කැමැත්තමත තමයි ඇයගේ පාර්ශවය විසින් සජාඩ්ට මේ විවාහ යෝජනාව ගෙනත් තිබෙන්නේ කෙසේ නමුත් සජාද් විවාහ වුණා කියලා දැනගත්තාම ඔහු වටා ඉන්න ඔහුගේ ගීතවලට ප්‍රිය කරන විශේෂයෙන්ම ගැහැනු ළමයි සජාඩ්ගෙන් ඈත් වේවිද දන්නේ නැහැ.