වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




කෝ මාර්ක් නෝ මාක් හෙට සිට

කෝ මාර්ක් නෝ මාක් හෙට සිට

ජයප්‍රකාශ් සිවගුරුනාදන් තිරයට ගෙන ආ කෝ මාර්ක් නෝ මාර්ක් හෙට සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවේ. ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ මෙය නිෂ්පාදනය කොට ඇත. හාස්‍යෝත්පාදක සිනමා පටයක් වූ කෝ මාර්ක් නෝ මාර්ක් හි කතා සංකල්පය තිලක් සේනාසිංහගෙනි.

මිහිරි සිරිතිලක සහ චින්තක පීරිස් මෙහි තිර රචකයෝය.

සිවගුරුනාදන් ජනපි‍්‍රය සිනමා පටයක් වූ කිං හන්තර්හි අධ්‍යක්ෂවරයාය. ඔහු නිර්මාණය කළ සුහද කොකා සිනමාපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතය. මේ දිනවල ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන කළු අරලිය සහ මායාපටල සිවාගේ අධ්‍යක්ෂණයන්වේ.