වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහ ප්‍රසංග තුළින් ගායන ක්ෂේත්‍රයට ආ ජයන්ත

සිංහ ප්‍රසංග තුළින් ගායන ක්ෂේත්‍රයට ආ ජයන්ත

ජයන්ත ගාමිණී පෙරේරා ලාංකේය ගීත රසික හදවත් දිනූ ගුවන් විදුලියේ ‘බී’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක්. මොරටුවේ සොයිසා උද්‍යානයේ සිංහ සමාජය මඟින් සංවිධානය කළ ‘සිංහ ප්‍රසංග’ තුළින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිය මියුරු ගීත රැසකින් ගායන ලොව ගීතවත් කරයි.

දසන් දක්වා සිනහ සැලුවත්, දුර එනකොට වැටකෙයියා මලක් වගේ පේන, මධු සඳ පෑයූ විලසින් පෙනුණේ, වසන්ත සමයේ ඔබ හමු වුණා වැනි ගීත රැසක් ඔහු මේ වන විට එළිදක්වා තිබේ. සමන් චන්ද්‍රනාත් වීරසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධම්මික පී. රත්නායක වැනි ගීත රචකයන්ගේ ගී රචනා එයට ඇතුළත්ව ඇත. ඉදිරියේදී ද තවත් ගීත නිර්මාණ සමඟින් රසික ඔබ හමුවට පැමිණීම ඔහුගේ අරමුණයි.