වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




එදා පොල් කඩලා විකුණලා ඒ මුදලින් චිත්‍රපට බැලුවා

එදා පොල් කඩලා විකුණලා ඒ මුදලින් චිත්‍රපට බැලුවා

ජීවන් හඳුන්නෙත්ති

ජීවන් හඳුන්නෙත්තිගේ මට පුරුෂයෙක් ඕනෑ වර්ෂ පූර්ණ දැක්ම15 දා බොරලැස්ගමුව සණස ශාලාවේදී

ජනප්‍රිය රංගන ශිල්පි ජීවන් හඳුන්නෙත්ති දිනක් මට හමු වන්නේ සරසවිය කර්තෘ මණ්ඩලයට ආ මොහොතකයි...ජිවන් එක්කම රස කතා ගොඩකුත් ඇති යැයි දුටු විටම සිහියට නැඟුණේ සැම විටම කුමක් හෝ රසවත් කතාවකින් අනෙකාගේ මුවඟේ සිනහවක් මැවිමට ඔහුට ඇති සහජ හැකියාව නිසාවෙනි.

* ජීවන්, කාටද මේ පුරුෂයෙක් හොය හොයා රට වටේ යනවා කියන්නේ?

‘මට පුරුෂයෙක් ඕනේ‘ කියන්නේ ගිය වසරේ වේදිකා ගත කළ මගේ දෙවනි නිර්මාණය. ඔන්න ඒ නාට්‍යයට දැන් හරියටම වසරයක් පිරුණා. ඇත්තටම හොඳ ප්‍ර‍තිචාර ලැබුණු වේදිකා නාට්‍යක් වුණා. මිනිස්සුන්ට කම්මැලි නැතිව බලන්න පුළුවන් වෙන්න මගෙත් ඉතින් පොඩි ජිමික් වැඩ තියෙනවා නේ. දැනට දර්ශන පහළොවක් වේදිකා ගත වුණා. ලබන පෙබරවාරි වෙනක් ඉදිරියටත් වේදිකා ගත කරන්න අපට දින ලැබිලා තියෙනවා. ඉතින් ඒ පුරුෂයාව තමයි මේ ගෙනියන්නේ.

* ඔබට කලාවෙන් තොර ලොවක් නැති හැඩයි?

ඒක කතාව නම් සහතික ඇත්ත. මම කලාවට පුදුම ඇල්මක් දැක්මක් තියෙන කෙනෙක්. අදටත් රැකියාවක් නොකරන්නේ රැකියාවක් කරමින් මේ කලාවේ නියැළෙන්න අපහසු නිසයි..

* ඉතින් කලාව වෘත්තිය කර ගත්තා නම් හරි නේ?

කලාවට ‘වෘත්තීය කියන නාමය පටබඳීන්න මගේ එතරම් කැමැත්තක් නැහැ. කලාව කියන්නේ සේවයක් ඒක තමයි ඇත්ත වචනේ. ඒ සේවය තුළින් ලැබෙන දෙයක් ලැබෙයි. මිනිසුන්ට තිබෙන ආදරය සහ ඔවුන් අපට දක්වන ආදරය අපිට කවදාවත් සල්ලි වලට ගන්න බැහැ.

* රංගන ශිල්පියකු ලෙස මේ ගෙවෙන්නේ?

දැන් වසර තිස්තුනක් තිස්සේ මම නියළිලා ඉන්නවා.

* වසර තිස්තුනක කලා ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව් අනිවාර්යනෙම. කිසිම දවසක් කලාව ගැනැ මට කල කිරිමක් තිබිලා නැහැ. ඉදිරියත් එහෙම වේවි යැයි මම විශ්වාස කරනවා.

* කලාව වෙනුවෙන් වසර ගණනක් ලොකු කට්ටකුත් කන්න ඇති?

දැන් නම් ඒ කටු මගේ ජිවිතයේ සුන්දර මතක ඉවට පත් වෙලා. මුල් කාලෙදී කොළඹට ඇවිත් මට ඉන්න හිටින් තැනක් තිබු‍ණේ නැහැ. අක්කා ගේ ගෙදර කාලයක් හිටියා. ඊට පස්සේ අයියා එක්ක බොඩිමේ හිටියා. නාට්‍යයක් කරහම අපිට ලැබුණේ රුපියල් 100 -200 වගේ බොඩිමේ ඇන්ටි හිතවත් නිසා සල්ලි ගත්තේ නැහැ. ඉතින් අර සල්ලි වලින් ජිවත් වෙන්න ඔනේ නිසා රෑට එක තෝසයකුයි ලොකු උණු වතුර විදුරුවකුයි බොනවා. උදේට කිරි එකක් විතරයි බිව්වේ. සල්ලි නැති නිසා හැතැක්ම පහ හය පයින් ගිය කාලයකුත් තියෙනවා.

* ඒ කැපවීම් එක්ක තවත් සුන්දර මතක ඇති?

ඔව්. මේ රඟපාන ලොඩේ මට හැදෙන්නේ පොඩි කාලේදිමනේ. නළුවෙක් හා ගායකයෙක් වීම මගේ හීනයක්. ගමේ සහ පාසල් වේදිකාවේ නම් ඒ හිනේ හැබැ කරගන්න පුළුවන් වුණා. ඉතින් දවසක් පත්තරේ දැක්කා කොළඹ ලයනල් වෙන්ඩ්ට් එකේ තියෙන ප්‍ර‍ර්ශනයක් ගැන. එතකොට මට අවුරුදු 17 විතර ඇති. කොහොම හරි යනවා කියලා හිතාගෙන පොත් ටික පන්තියේ තියලා හොරෙන්ම පාසලෙන් පැනලා බලපිටියේ ඉඳලා කොළඹ යන බස් එකේ නැඟලා බම්බලපිටියෙන් බැස්සා. ඉතින් බැහැලා ඔහොම ටික දුරක් ඇවිදගෙන යද්දි මට පේනවා ලයනල් වෙන්ඩ්ට් එක. ඔන්න ඇතුලටත් ගියා.. බලද්දි ඒ ගිහින් තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයට. එතැනින් පාර අහගෙන ආයිත් ගියා. ඔහොම ගිහින් එක්තරා තැනකින් මම අහනවා ලයනල්වෙන්ට් කලා ගාරයට කොහේද කියලා.“මහත්තයෝ මේක තමයි ලයනල් වෙන්ඩ්ට් එක“ කිව්වා. ඔන්න ඔහොම ලොකු වටයක් ගිහින් අන්තිමේදී කොහොම හරි එච්. එස්. සරත් මහත්මගේ චිත්‍ර‍ ප්‍රදර්ශනය බැලුවා.

* රංගනයේදී ඔබ වැඩි පුර ඇලුම් කළේ සිනමාවටද වේදීකාවටද?

සිනමාව හා වේදිකාව යන දෙකටම මම ඇලුම් කරනවා. සිනමාවට මම කොතරම් ආදරේද කියනවා නම්.. පොඩි කාලේ අපේ පොල් ගහේ තිබුණු පොල් කඩන් ගිහින් විකුණලා ඒ මුදලින් ටිකට් අරන් චිත්‍රප‍ට ශාලාවේ ගැලරියේ ඉඳලා චිත්‍ර‍පට බලනවා. චිත්‍ර‍පටය අවසන් වුණාහම ශාලාවෙන් පිට වෙන්නේ ගැලරියට ගිය හඳුන්නෙත්ති නෙමෙයි. එළියට එන්නනේ ෆිල්ම් එකේ හිටපු නළුවා.. ෆිල්ම් එකේ හිටියේ ගාමිණී ෆොන්සේකා නම් ඔහුගේ හැඩ රුව හිතින් මවා ගෙන ඇවිදින්නෙත් ඒ විදිහටමයි. බස් එකේ යන්නෙත් ඉතින් ඒ විදිහටමයි.

* අනුකරණයට එබ එතරම් ලොල් වුණේ ඇයි දැයි මා ඇසුවොත්?

ඔව්. පොඩි කාලේ ඉඳන් පුදුම ආසාවක් තිබුණේ. අනුකරණය කියන්නෙත් ලොව පිළිගත් එක් කලාවක් නේ. දැනට මම එහෙම හතර පස් දෙනෙක් විතර අනුකරණය කරලා තියෙනවා. කට හඩෙන් නම් ආචාර්ය අමරදේව මහත්මයා. රංගනයෙන් මහින්ද පතිරගේ ගේ හඩ අනුකරණය කරනවා. තව තවත්අනුකරණය කරන අය ඉන්නවා.

* රංගනයට පිවිසෙද්දි නළු පෙනුම බලපෑවේ නැද්ද?

නැහැ. මම ඒ ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. මම විශ්වාස කරනවා තමන්ගේ දක්ෂතාව තිබෙනවා නම් ඒ තුළින් ඉදිරියට යන්න පුළුවන්. රංගනයේදි දක්ෂතාව වැදගත්. ඒ දක්ෂතාව තුළින් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒ තමයි මම හිතපු තැන. ඉතින් ඒ තැන මට ලැබුණා.

* ප්‍රේක්ෂකයාට ඔබ වැඩි මතකයේ රැඳුණ චරිතය මා ඇසුවොත්?

එකක් කියන්න අමාරුයි. පුංචි වීරයෝ ටෙලි නාට්‍යයේ ‘හනීෆා‘ කියන මුස්ලිම් චරිතය අදටත් මතකයි. ඒ ළමා කාලය ගත කළ අය අදටත් කතා කරන්නේ හනීෆා කියලා. සිනමාවේදී සුනිල් සොම පීරීස් මහත්මයාගේ ‘වැඩ බැරි ටාසන්‘ හී මුස්ලිම් චරිතයක් කළා. අදටත් ගොඩක් අය හිතන්නේ මම ඇත්තටම මුස්ලිම් කියලයි.

* ඔබේ රංගනය වැඩිපුරම සීමා වුණේ හාසේ‍යාත්පාදක රංගනයටයි?

ඔව්. මට චරිතයක් භාර දෙද්දි එය මා බාර ගන්නේ මට එයට හොඳ සාධාරණයක් ඉෂ්ට කල හැකි නිසයි.

* සැබැ ජීවිතයේදිත් එහෙමද?

සමාන්‍ය ජිවිතය වුණත් මම බොහොම සතුටෙන් විහිලුවෙන් තහළුවෙන් කාලේ ගත කරන කෙනෙක් .

* රංගනයේදී ඔබ සම්මානයකින් ඇගැයිමට පාත්‍ර‍වි තිබෙනවාද?

තවම නැහැ. මට සම්මාන බලාපොරොත්තුවක් නැහැ. සම්මාන දිරි ගැන්විමක් වෙන්න පුළුවන්.

* රංගනයේදී ඔබේ මතකයේ රඳවන ඇගැයිම?

උදයකාන්ත වර්ණසුරියගේ ‘දිය යට ගින්දර‘ චිත්‍ර‍ටයේ මට රඟපෑවේ සනත් ගුණතිලක සහ අමරසිරි කලංසූරිය මහත්මයා සමගයි. එතනදී ඔහු මට මෙහෙම කියනවා.. ‘ ජිවන්, මට ඔබත් එකක රඟපාන කොට මාර නිදහස්. ඔය මටත් ඒ තුළ රඟපාන්න ඉඩ දුන්නා‘. ඒ තමයි මගේ කලා ජිවිතේ ලැබු අමතක නොවන කමෙන්ට් එක.