|
|
රජ වෙන්න අවසර !කල්යාණ චන්ද්‍රසේකරගේ අධ්යක්ෂණයක්එම්. පාරිස්ටර්ගේ නිෂ්පාදනයක්
චම්මි නළුවකු වීම සඳහා සිහින දකින යෞවනයෙකි. චිත්‍රපට රූපගත කිරීමකදී පොලිස් නිලධාරියකු ලෙස රඟපෑමේ අවස්ථාව ලද විටක අහම්බෙන් මෙන් සොරකු අල්ලා ගැනීමට ඔහුට හැකි වේ. සොරා මෙන්ම සොරා විසින් සොරකම් කරන ලද පසුම්බිය හිමි ධනවත් තරුණියක වන නීලා මෙන්ම ඇගේ මවුපියන් ද සිතනුයේ චම්මි සැබෑ පොලිස් නිලධාරියකු කියාය. ප්‍රදීප් පොලිස් සේවයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකි. ඔහු හැඩ රුවින් චම්මි හා සමානය. මේ සමානකම ප්‍රදීප්ගේ බිරිඳට පවා සොයා ගත නොහැකි තරම්ය. චම්මි රඟන චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා නිහාල්ය. ඔහු නිසා චම්මිට රඟපෑමේ අවස්ථාව උදා වුව ද චම්මිට රඟපෑමට ලබා දුන් පොලිස් ඇඳුම ද සමඟ දැන් අතුරුදන්ව ඇත. මේ නිසාම චම්මිව චිත්‍රපටයෙන් ඉවත් කරනුයේ පොලිස් ඇඳුම නැවත සොයා දෙන ලෙස නියම කරමිනි. නගරයේ ජනතාව ප්‍රදීප් සහ චම්මි හඳුනාගත නොහැකිව අතරමං වේ. නිහාල් චම්මිව සොයනුයේ හොඳ හැටි පහර දී තම ඇඳුම සොයා ගැනීමටය. නිහාල්ගේ රැකියාව අහිමි වීම නිසා නිහාල්ගේ පෙම්වතිය ද අසරණව ඇත. නීලා චම්මිව විවාහ කර ගැනීමට සැරසෙන්නේ ඔහුට ඇති ආදරය නිසාය. මේ සියලු පැටලැවිලි විසඳේවි ද? රජා මමයි පවුලේ සැමට එකට නැරඹිය හැකි හාස්‍ය සහ කුතුහලයෙන් පිරී ඇති චිත්‍රපටයකි. නව රටාවක් නව ලතාවක් සමඟ ළඟදී තිරයට එන රජා මමයි තුළින් රොෂාන් පිලපිටිය සිංහල සිනමා වංශ කතාවට ගායකයකු ලෙස දොරට වඩියි. ජින්ජර් වයිට් මුල්වරට සිනමා ගායිකාවක් වන්නේ ද රජා මමයි තුළින් වීම විශේෂයකි.
|




