වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ නෙවෙයි දෑස ඔබේ...

ඔබේ නෙවෙයි දෑස ඔබේ...

මේ ළඟදී සඳුන් විජේසිරිව හමු වුණා. ආගිය තොරතුරු කතා කර කර ඉන්න ගමන් ඔහු කිව්වා අපූරු කතාවක්. සඳුන් ගයන ඔහුගේ අතිශය ජනප්‍රිය ගීතයක් තියෙනවා. ඒක තමයි ගෝවේ ගෑනු පරාදයි. සමුද්‍ර දේවි නාට්‍යහි එන එම ගීතය අපුරු නර්තනයකුත් සමඟ සඳුන් වේදිකාවේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. සඳුුන් එම නාට්‍යයේ නිරූපණය කළේ දියාගෝ ද අරාජෝ කියන පෘතුගීසි චරිතය. 'ගෝවෙ ගෑනු පරාදයි' ගීතය එදා මෙන්ම අදත් අතිශය ජනප්‍රියයි.ඒ හින්දම වෙන්න ඇති අනන්තවත් සංගීත කණ්ඩායම් එය ප්‍රසංග වේදිකාවේ ගයන්නේ. ඒ අය සමහරු දන්නේ නැතුව ඇති මේ ගීය සඳුන්ගේ කියලා. එහෙම ගැයුවට නම් ගැටලුවක් නැහැ කියලා සඳුන් කියනවා. නමුත් මේ වන විට ඇතැම් සංගීත කණ්ඩායම් ගෝවේ ගීතය විකෘති කොට ඇතිවග සඳුන් කියන්නේ ඉතාම කනගාටුවෙන්. ගීයේ අන්තරා කොටසදි තියෙනවා 'නොමැතිව දෑත ඔබේ' කියලා පේලියක්. ඒක ඇතැම් අය කියන්නේ 'නොමැතිව දෑස ඔබේ' යනුවෙන්. එමඟින් ගීතයට දැඩිව හානියක් වෙනවා. ගෝවේ ගීතය ගයන සංගීත කණ්ඩායම්වල අයගෙන් සඳුන් ඉල්ලිමක් කරනවා එය ගයනවා නම් හරියට ගයන්න කියලා.