වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ගායන සිහිනය සැබෑ වුණා

මගේ ගායන සිහිනය සැබෑ වුණා

මොහාන් දර්ශන

රියැලිටි වැඩ සටහන් නරඹපු කෙනෙක්නම් මොහාන් දර්ශන ගේ හඩ මෙන්ම රුව ලාංකේය ප්‍රේක්ෂකයන්ට වඩාත් ළෙංගතු වුනත් දැන් ඔහු ජිවත්වන්නේ ඕස්ටේලියාවේ.මේ දිනවල දිවයිනට පැමිණ සිටින මොහාන්ට අලුත් යමක් කරන්න නිබදවම සුදානමින් ඉන්න ගායන ශිල්පියෙක් බව අමුතුවෙන්ම කියන්න ඕන නැහැ.දිවයිනට කෙටි නිවාඩුවක් ගත කරන්න පැමිණී හැම අවස්ථාවකම අලුත් නිර්මාණයක් කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඔහුගේ සංගීත කේෂත්‍රයේ අලුත් තොරතුරු කියන්න අප සමඟ මෙසේ එක් විය.

ඕස්ටේ‍්‍රලියාවට වෙලා මොනවද? කරන්නේ

‍මා වෘත්තියෙන් හෙද නිලධාරීයෙක් විදියට වැඩ කරනවා. සංගීත කේෂත්‍රයට මා ඇලුම් කරනවා වගේම මේ වෘත්තියටත් මා කැමැත්තක් දක්වනවා.හැබැයි ඉඩ ලැබෙන හැම විටම ගායනය වගේම සංගීත නිර්මාණ කරන්න උනන්දුවක් දක්වනවා.

ඔබේ ජීවිතයේ සිහිනයක් තිබුනද ගායකයෙක් වෙන්න?

සිහිනයක් වගේම ඒ සිහිනය සැබෑ කර ගන්න විශාල උත්සායක් ගත්තා.ඇතැම් අවස්ථාවලදී සංගීත සංදර්ශනවලට ගිහින් ගායක,ගායිකාවෝ ප්‍රසංග වේදීකාවට යන ස්ථානයට ගිහින් මා බලා ඉන්නවා. එතැනදී මටත් හිතෙනවා මාත් ගායකයෙක් කියලා. පෙරුම්පුරාගෙන හිටපු ගායකයෙක්වීමේ සිහිනය සැබෑවීම ගැන මා නිහතමානීව සතුටු වෙනවා. ඒත් මට තව බොහෝ දුරක් යන්න තියෙනවා.

ඔබේ සංගීත ජීවිතයේ ගමන්මග කොහොමද විස්තර කරන්නේ?

මා පාසල් ගියේ නුවර වළල මහා විද්‍යාලයට.අ.පො.ස (උ.පෙළ) මියුසික් කළා.අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය සංගීතය තවදුරටත් ප්‍රගුන කළා. ඉන් අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.ඕස්ටේලියාවේදීත් මා සංගීත විෂයක් ලෙස තවදුරටත් හදාරනවා. විශේෂයෙන්ම නව තාක්ෂණය ගීත නිර්මාණවලට යොදාගන්න.එවගේම තාක්ෂණය භාවිතා කරමින් අලුත් නිර්මාණයක් කරන්න සුදානමින් ඉන්නේ.

රියැලිටි වැඩසටහන් තුළින් හතුපිපෙන්වා වාගේ ගායකයන් බිහිවෙනවා.මොකද හිතෙන්නේ?

ඇත්තෙන්ම ගායනය,සංගීතය අප අධ්‍යනය කළ යුතුයි.එසේ අවබෝධයක් නැතුව මේ කේෂත්‍රයට ඇවිත් දුරක් යන්න බැහැ.මේ කේෂත්‍රය ගැන අවබෝධයක් ලබා ගත්තොත් අපට ගමනක් යන්න පුළුවන්.ඒ සඳහා කැපවීමක් තියෙන්න ඕන.

ඕස්ටේ‍්‍රලියාවේදී ශබ්දාගාරයක් පටන් ගත්ත කියලා ආරංචියි

ඇත්තෙන්ම මා කාලයක ඉදල බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්.ශබ්දාගාරයෙක් ආරම්භ කරන්න.එය ආරම්භ කරලා අලුත් නිර්මාණ කරන්නත් අපේක්ෂාවෙන් ඉන්නේ.

මොනවද ඔබ කරපු අලුත් නිර්මාණ?

“ඔබට මතකද” ගීතය පේ‍්‍රක්ෂකයන් අතරට ගියා. දර්ශන රුවන් පදරචනය හා සංගීතවත් කළ මේ නිර්මාණය විඩියෝවක් කළා.ඊට පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි.

ලොකු සතුටක් දැනෙනවා.පේක්බුක් වගේම යුටියුබ්වලින් ලැබෙන ප්‍රතිචාර මට විශාල ශක්තියක්.සුරයයා දයා රුවන්,නදීෂා, ගයාත්‍රී ඩයස් එයට රංගන දායකත්වය දුන්නා.

මෙවර මා තවත් අලුත් නිර්මාණයක් කළා.දෙවියෙක් නොවේ මිනිසෙකුයි ලොවේ ගීතය එළිදැක්වුණා. ඩිලාන් ගමගේ පදරචනය කළ මේ ගීතය සංගීතවත් කළේ අශාන් ප්‍රනාන්දුයි.

දිනාගත් ජයග්‍රහණ ගැන සඳහන් කළොත්

සිරස සුපර් ස්ටාර් පළමු දස දෙනා අතරට එන්න පුළුවන් වුණා. මා ඕස්ටේ‍්‍රලියාවේදී රටවල් 40 ක් එක්වුණු සංගිත නිර්මාන ඇතුළත් තරඟයකට සහභාගි වුණා.එහි ප්‍රථම ස්ථානයත් දිනා ගත්තා. මේ සඳහා යොදා ගත්තේ අපේ ර‍ටේ ජනගී.මේ වගේ නිර්මාණ වගේම තාක්ෂණයත් භාවිතා කරලා අලුත් නිර්මාණයක් එළිදක්වන්න සුදානම්න් ඉන්නේ.ජාතික තරුණ සේවා සභාවෙන් හා සභාපති අධ්‍යක්ෂ ජනරාල් එරංද වැලිඅංගේ මහතා ගෙන් ලැබෙන සහායත් ඔහු කෘතවේදීව මෙහිදී සිහිපත් කළා.

ඔහුගේ ගමනට සුභපතන්න ඔබටත් පුළුවන් මෙන්න මොහාන් දර්ශනගේ දුරකථන අංකය 0767695158තවත් නොබෝ දිනකින් යළිත් විදේශගත වන මොහාන් දර්ශන ෆේස්බුක් එකට ගිහින් ඔහුට සුභපතන්නත් පුළුවන්.