වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

SMBWE 13

හිරන්ත සුභසිංහ

මේ හිරන්ත සුභසිංහ. ඔහුගේ පදිංචිය ඉමදූව. හිරන්තට රංගන අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. ආදරියේ, සත්කුළුපව්ව, අත්තම්මා, සඳවතියේ ආදී ටෙලි සිතුවම්වල මෙන්ම කෝ මාක් නෝ මාක් සිනමාපටයේ ද ඔහු රඟපා තිබෙනවා. හිරන්ත ඕනෑම ආකාරයක චරිතයක් රඟන්න ලැහැස්තියි. ඒ වගේම මෙරට සිටින සෑම අධ්‍යක්ෂවරයකු යටතේ රඟපාන්නත් කැමැතියිලු.

SMBWE 14

විජය ජයසිංහ

සිනමාව ඔස්සේ දිගු ගමනක් යාම අපේක්ෂා කරන අයකු තමයි විජය ජයසිංහ. ඔහු බොම්බෙ වෙල්වට්, පත්තිනි ආදී සිනමාපට කිහිපයකම රඟපාලා තියෙනවා. ඔහුගේ අදහස චරිතාංග නළුවකු වෙන්න.

SMBWE 15

ඉසුරු උදයංක

වත්තේගම දික්වැල්ල පදිංචි ඉසුරු උදයංක නම් කිසිදු නිර්මාණයකට මෙතෙක් දායක වී නැහැ. ඒ හින්දමයි ඔහු සරසවිය සොයා ආවේ. සුගත් සමරකෝන්, ජැක්සන් ඇන්තනි ආදී අධ්‍යක්ෂවරුන් යටතේ ඉසුරු රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.