වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




‘ස්වේත ගංතෙර’ ස්වාධීන රූපවාහිනියේ

තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
‘ස්වේත ගංතෙර’ ස්වාධීන රූපවාහිනියේ

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය ‘ස්වේත ගංතෙර’ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 7.30ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙයි.

වලව්වක අභිමානය, ශ්‍රේෂ්ඨත්වය කරාගෙන ගිය ස්ත්‍රිත්වය පිළිබඳ කියැවෙන ‘ස්වේත ගංතෙර’ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දමිතා අබේරත්න, ලකී ඩයස්, බුද්ධික ජයරත්න, ඕෂදී හේවාමද්දුම, සමනලී ෆොන්සේකා, නිල්මිණි කෝට්ටෙගොඩ, තිස්ස බණ්ඩාරනායක, ප්‍රභාත් වීරසිංහ, කලණ ගුණසේකර, ඉසුරු ලොකුහෙට්ටිගේ, පවිත්‍රා වීරසිංහ, පවිත්‍රා කුමාරසිංහ, දිනෙත්මා ජයකොඩි යන නළු නිළියෝ රැසක් දායක වෙති. සහය අධ්‍යක්ෂණයෙන් උදය ප්‍රසන්න, කැමරා අධ්‍යක්ෂණයෙන් කුලරුවන් ගමගේ, අංගරචනයෙන් සංජීව, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, සංස්කරණයෙන් ලක්රුවන් ද සේරම්, ශබ්ද පරිපාලනයෙන් ඉන්දික සිසිර කුමාර, සංගීත අධ්‍යක්ෂණයෙන් ගයාන් ගණකධාර, සංගීත සංයෝජනයෙන් තරිඳු ජයතිලක, ගායනයෙන් රවිඳු පියුමිත අරවින්ද, නිෂ්පාදනයෙන් කුමාර ශාන් රත්නායක සහය වෙති. මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය, පිටපත් රචනය හා තේමා ගීත රචනය තුෂාරි අබේසේකරගෙනි.


වැදි නැටුම එළිදකියි

බර්නාඩ් ශ්‍රීකාන්තගේ ‘වැදි නැටුම කෘතිය පසුගියදා එළිදැක්විණි. කර්තෘවරයා විසින් වැදි නැටුම කෘතිය ලියනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ එකතු කරගත් කරුණු රැසක එකතුවකිනි. මෙ කෘතිය කර්තෘ ප්‍රකාශනයකි.