වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයා මගෙ නම් 16 වැනිදා

ඔයා මගෙ නම් 16 වැනිදා

දැනට ප්‍රංශයේ වෙසෙන කාව්‍ය ගීත රචක, හේමරත්න කටුකුරුන්දගේ පන්හිඳයි මමයි කෘතිය සහ ඔහු ලියූ ගීත ඇතුළත් 'සෙනෙහස ලබන්නට' ගීත ඇල්බමය මෙන්ම ගුවන් විදුලි සරල ගී බයිලා ශිල්පී අර්නස්ට් පෙරේරාගේ නවතම ගීත එකතුව 'ඔයා මගෙ නම්' මෙම මස 16 වැනිදා එනම් එන ඉරිදා සවස බොරැල්ල ඕල්්ඩ් වෙස්ලියටිස් ස්පෝට් ක්ලබ්හි එළි දැක්වේ.


‘මිරර්’ අලුත් කලාපය නිකුත් වේ

මිරර් මාසික සඟරාවේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයන්හි කලාපය දැන් නිකුත් විය. එය ප්‍රියන්ත ජයරත්නගේ සංස්කරණයකි.


ප්‍රේමරත්න රූපසිංහගෙන් කෙටි නාට්‍යය දෙකක්

ප්‍රේමරත්න රූපසිංහගේ කෙටි නාට්‍ය ද්විත්වයක් මෙම මස 14 වැනිදා දෙතැනකදී ප්‍රදර්ශනය වේ. ඉන් පළමුවැන්න වූ ඩෙංගු පිළිබඳ දැනුවත් කරනු ලබන අනේ අනිච්චං එදින උදෑසන කැලණිය පට්ටිය හන්දියේ රංජනී විමලාරම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය වේ. දෙවැන්න වූ තදියම එදින සවස සපුගස්කන්ද විශාකා බාලිකා විදුහලේ රංග ශාලාවේදී ප්‍රදර්ශනය වේ. එහි චින්තක පතිරණ, දමින්ද සංජීව, දිනේෂ් සුරංග, සම්පත් වනිගසේකර, ජීවන් චන්දන සමඟින් ප්‍රේමරත්න රූපසිංහ රංගනයෙන් දායක වේ.