දන්නෙම නැතිව වැටිලා
දන්නෙම නැතිව වැටිලා

පසුගියදා රූගැන්වුණා ධර්ම යුද්ධය නැමැති සිනමාපටයක්. එය දමිළ බසින් නිපයූ පාපනාසම්
සිනමාපටය ඇසුරෙන් නිර්මාණ්‍ය වූයේ එම කතාවමයි. දෘෂ්‍යම් යනුවෙන් හින්දි බසින් තිරයට
ආවේ ලංකවේ ධර්ම යුද්ධය. මෙහි දර්ශනයක් තියෙනවා ජැක්සන් ඇන්තනියි, තව ළමා නිළියකුයි,
තිසුරි යුවනිකා සහ දිල්හානි අශෝකමාලා මේ හතර දෙනා එකට මෝටර් බයිසිකලයක නැගලා යනවලු.
කොහොමට හිටියිද මේ හතර දෙනා එක බයිසිකලයක යද්දී. ඔන්න කොහොම හරි දර්ශනය ආරම්භ වෙලා.
ජැක්සන් තමයි පදවාගෙන යන්නේ. ටිකක් දුර යද්දී ජැක්සන්ට ටිකක් සැහැල්ලුවක් දැනුනලු.
ඒත් සමඟම කිහිප දෙනෙක් පසුපසින් දුව එන බවත් දැනුණලු. දර්ශනයත් රූගත කිරිම නවත්වලා.
බයිසිකලයේ දිල්හානි නැහැලු. බැලින්නම් ඇය ඉන් වැටිලා. ටික දුරක ඉඳලා දිල්හානි එනවලු
කොන්දත් අල්ලගෙන.
|