|
|
විජය සමුගෙන මාස දෙකයි පින්කම් රැසක්
විජය නන්දසිරි අප අතරින් සමුගෙන නිමිති කර ගනිමින් විශේෂ පින්කම් මාලාවක් මෙම මස 15 වැනි දින එනම් පොහොයදා දවස පුරා වැලිවේරිය කිරිකිත්ත කෙසෙල් කන්ද කුසුම් සදහම් සෙවන විහාරයේදී පැවැත්වේ. මෙදින උදෑසන 7 ට උපාසක උපාසිකාවන් සඳහා හීල් දානය, උදෑසන 9 සවස 3 දක්වා ලේ දන්දීමේ පින්කම සහ දෑස් දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීම, දොළොස් මහේ පහනට මුල්ගල් තැබීම පස්වරු 4.30 ට කාව්‍යමය ධර්ම දේශනාව (පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිගෙන්) අනතුරුව රසකැවිලි සංග්‍රහය පැවැත්වේ. රාත්‍රී 7 ට බෝධි පූජාව පවත්වා මෙම කටයුතු අවසන් කෙරේ. විජය නන්දසිරිට ළැදි සියලුම කලාකරුන්ට සහ රසික ජනතාවට මේ සඳහා සහභාගී වන්නට යැයි මෙම පුණ්‍ය කටයුත්ත සංවිධානය කරන බොරැල්ල හවුස් ඔෆ් ඩ්‍රාමා ආයතනය ආරාධනා කර සිටියි.
ලුවීගේ නවතම චිත්‍රපටයේ වැඩ ඉවරයි
ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා සිතුවම වූ බුද්ධි හි වැඩ කටයුතු පසුගියදා නිමා විය. එය ඔහු විසින් රචනා කරන ලද බුද්ධි ද එලිෆන්ට් බෝයි යන ඉංග්‍රීසි නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. එය 2012 වසරේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ඉංග්‍රීසි යොවුන් නවකතාව ලෙස සම්මානයට පාත්‍ර විය. බුද්ධි හි සරත් දික්කුඹුර, රෙබෙකා නිර්මලී, ශාලිකා එදිරිසිංහ ඇතුළු පිරිස චරිත මවන ලදී. මෙය ජානක ලියනගේ ගේ නිෂ්පාදනයකි.
රංජිත් කුමාරගේ නිවේදන දිවියට වසර 30 යි‘පුන්සඳබර’ ගී ප්‍රසංගය අද
ප්‍රසංග වේදිකාව ඔස්සේ නිරන්තරයෙන් අප හමුවට එන නිවේදක රංජිත් කුමාරගේ නිවේදන දිවියට වසර තිහක් සපිරේ. ඒ වෙනුවෙන් විශේෂ ප්‍රසංගයක් පුන්සඳබර නමින් අද සවස ගාල්ල කරාපිටිය රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සංගීතය ප්‍රනීත් සාරංග ප්‍රමුඛ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයෙනි. ඉෂාක් බෙග්, මිත්‍ර කපුගේ, ධම්මිකා වල්පොල සමඟ ඉසුරු ජයරත්න මෙහිදී ගීතවත් වේ. වෘත්තියෙන් ගාල්ල මල්හරු තුල්හියා මුස්ලිම් විදුහලේ චිත්‍ර ගුරුවරයකු ලෙස සේවය කරන රංජිත් නිවේදනයට පිවිසෙන්නේ 1986 වසරේ ඌරගස් මංහන්දියේ පැවැති ප්‍රසංගයක් සමඟිනි. අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ 1990 වසරේ පැවති යෞවන සම්මාන උලෙළේ හොඳම නිවේදකයා ලෙස අභිසෙස් ලබන ඔහුට එය සමඟ නිවේදනයට ඇරැයුම් රැසක් ලැබිණි. මේ වන විට රටවල් 25 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රසංග සඳහා සංචාරය කොට ඇති රංජිත් තම ගමනට බෙහෙවින් උදව් කළ නැසී ගිය ගායක අබේවර්ධන බාලසූරියව සිහිපත් කරන්නේ හදපිරි බැතියෙනි.
එක්සත් ජාතික කලා සංසදයේ රැස්වීමක්
සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික කලා සංසදයේ සභාපති රන්ජන් රාමනායකගේ අනුශාසකත්වයෙන් විශේෂ සභා රැස්වීමක් පසුගියදා රත්මලාන තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පැවැත්විණි. ගායනය, රංගනය, සංගීතය, පද රචනය, නිවේදනය, නර්තනය ආදි විවිධ අංශ නියෝජනය කරන කලා ශිල්පීන්ගේ උන්නතිය උදෙසා මෙම සංසදය පිහිටුවා ගන්නා ලදී. ප්‍රවීණ සංගීතවේදි රන්ජිත් ඩයස්ගේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැති මෙම හමුවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ සහ නිහාල් නෙල්සන් සංසදයේ උපදේශකවරුන් ලෙසින් තෝරා පත්කර ගන්නා ලදී. හමුවේ ප්‍රධානත්වය රන්ජන් රානායකගේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් මොහාන් හෙට්ටිආරච්චි විසින් උසුලන ලදී. සුනිල් ප්‍රේමරත්න, චිත්‍රා කුමාරි පත්තප්පෙරුම, ටෝනි හසන්, රොම්ලස් පෙරේරා, චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, ඉලියාස් බෙග්, කලාවතී, සූර්ය කුමාර්, රූපා ඉන්දුමතී, රත්නසිරි රණසිංහ, රංජිත් සිල්වා, වර්නන් පෙරේරා, රූපා ගෝමස්, එච්. ආර් සොයියා, ජෝර්ජ් සේනානායක, නන්දා පතිරණ මේධා ජයරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අනාගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සම්මාන ප්‍රදානය 14 දා
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සම්මාන ප්‍රදාමෝත්සවය 2015 ඔක්තෝබර් 14 වන දින පස්වරු 4.00 ට මහරගම යූත් රඟහලේදී අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමති එස්. බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 2016 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ අවසන් වටයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ළමා නාට්‍ය පසුගියදා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කරන ලද අතර එම නාට්‍ය අතුරින් හොඳම ළමා නාට්‍ය, හොඳම නාට්‍ය පිටපත් රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සංගීතය, හොඳම වේදිකා පසුතල නිර්මාණය, හොඳම වේෂ නිරූපණ හොඳම වේදිකා පරිපාලනය, හොඳම රංගාලෝකය ආදී අංශ සඳහා මුදල් ත්‍යාග සම්මාන හා සහතික පිරිනැමීමට නියමිතයි.
ගාලු පොත් දැක්ම 13 දාගාල්ල මහ නගර සභාව, රිචඩ් පතිරණ අනුස්මරණ මහජන පුස්තකාලය සහ පොත් මිතුරෝ එක්ව සංවිධානය කරන ගාලු මහ පොත් දැක්ම මෙම මස 13 සිට 20 වැනිදා දක්වා ගාල්ලේදී පැවැත්වේ. මෙයට සමගාමීව පාඨකයන්ගේ දැනුම විනෝදය සඳහා විශේෂාංග කිහිපයක් ද මෙම වසරේදී එක් කිරීමට සංවිධාන කමිටුව කටයුතු යොදා ඇත. |






