වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ආපු ගමන් වැඩ

ආපු ගමන් වැඩ

ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් සිනමා සිතුවමේ රන් මැණිකාගේ චරිතයෙන් ජනප්‍රිය වූ සෙනාලි ෆොන්සේකා පහුගිය කාලයේ සිටියේ විදෙස් ගත වෙලා. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඔන්න සෙනාලි ආයෙත් ලංකාවට ඇවිත්ලු. මෙවර ඈ මෙරටට පැමිණියේ ඇගේ අධ්‍යාපන කටයුතු සියල්ල හමාර කරලා. ඒ නිසා ඇය ආයෙත් රට දුවන්න බලාගෙන නෙවෙයි මේ ඇවිත් ඉන්නේ. සෙනාලිට ආව ගමන් ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුණලු. ඒ වගේම තවත් සිනමාපට කිහිපයකටම ඇරැයුම් ලැබිලා. සිය නැන්දනිය වන මාලිනී ෆොන්සේකාගෙන් නිතරම ඇයට ආශිර්වාදය ලැබෙනවාලු. ඒ පරපුරේ නම ගෙනියන්න දිගටම රඟපාන්නයි සෙනාලි හිතාගෙන ඉන්නේ.