වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතේ බේරුණේ හොඳින් ඉන්න නිසාලු ...

ජීවිතේ බේරුණේ හොඳින් ඉන්න නිසාලු ...

ලසන්ත උඩුකුඹුර පසුගිය මධ්‍යම රාත්‍රියක තමන්ගේ කාර් එක කුඩුපට්ටම් කරගෙන අනූනවයයි දශම නවයකින් සිය ජීවිතය බේරා ගත්තා. මේ හේතුවෙන් ඔහු තරමක කම්පනයෙනුයි ඉන්නේ. මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ ලසන්තගේ යාළුවෙක් ඔහුව කටුනායක ගුවන් තොටුපොළට ඇරලවන්න කියලා ඉල්ලිමක් කරලා. ඉතින් ලසන්ත නෑ බෑ නොකියා වැඩේ බාර අරගෙන. මොනවා වුණත් ලසන්තගේ ඒ ගතිය තියෙනවා. යාළුවෙක් ඉල්ලිමක් කළොත් නෑ බෑ කියන්නේ නැහැ. ලසන්ත තවත් යාළුවකු එක්ක මේ යාළුවව ඇරලවන්න එයාර්පෝර්ට් ගියා. ලසන්ත තමයි ඩ්‍රයිව් කළේ. එන ගමන් ලසන්තට හොඳටම නිදිමතලු. ඒ බව දැනගෙන ලසන්තගේ යාළුවා වාහනය ඉල්ල ගත්තලු. ටික වේලාවයි ගත වෙලා තියෙන්නේ. හෙන ගහන්නා වගේ සද්දයක් එක්ක ලසන්ත ඇහැරිලා. වාහනය පාරේ යකඩ කනුත් කඩාගෙන ගිහින් නතර වෙලා. ලසන්තට හිතාගන්න බැහැලු වෙච්ච දේ. වාහනයේ ඉස්සරහ ගන්න දෙයක් නැහැ. හැබැයි වාසනාවට ලසන්තට මුකුත්ම වෙලා නැහැ. කාටවත් කරදරයක් නොවී හොඳින් ඉන්න නිසා ජීවිතය බේරුණු බව ලසන්ත පුන පුනා කියනවා.