වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




රජා මං වහලා 16 වැනිදා කොළඹ එයි

රජා මං වහලා 16 වැනිදා කොළඹ එයි

පසුගිය රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා සහ නිළිය ඇතුළු සම්මාන දහයකින් පිදුම් ලැබූ චාමික හත්ලහවත්තගේ රජා මං වහලා වේදිකා නාට්‍ය මෙම මස 16 වැනිදා එනම් එන ඉරිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ වේදිකා ගතවේ. සනත් විමලසිරි, සරත් කරුණරත්න, උමයංගනා වික්‍රමසිංහ, තෙරුණි අසංසා, තිලංක ගමගේ මෙහි චරිත මවති.


ගාන්ධාරි සමඟ සනත් නන්දසිරි

පරපුරෙන් පරපුරට සංගීත ඥාණය බෙදා දුන් මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් ගාන්ධාරි නමින් සංගීත ආයතනයක් පවත්වාගෙන යනු ලබනවා. එමඟින් වාර්ෂිකව සිප්සතර හදාළ සංගීත ක්ෂේත්‍රයට අති විශාල ගෝල බාලයින් ප්‍රමාණයක් ද බිහි කරනු ලබනවා. එම ආයතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු වෙනවලු. භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රථම සිට විශාරද දක්වා වන පරික්ෂණයන් සඳහා ගායනය සහ තබ්ලා වාදනය ප්‍රගුණ කිරීමට මෙහිදී අවකාශ සැලසෙනවා.