|
FUN MUSICඅලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු
ගායනය - සංඛ දිනෙත් පද රචනය - ශෙහාන් ගලහිටියාව සංගීතය - සංඛ දිනෙත් මියුසික් වීඩියෝවේ අධ්යක්ෂ - තිසර ඉඹුලාන වීඩියෝවේ රගපෑ නළු නිළියන් - දසුන්, ධනුක සහ එරිකා. සිරස සුපිරි තරු සොයා යෑමේ දෙවැනි අදියරට එකතු වෙමින් සංගීත ලොවට පිවිසි සංඛගේ සයවැනි මියුසික් වීඩියෝව වන්නේ මෙයයි. මේ වන විට සංගීත ලෝලීන් අතර මහත් වූ ජනප්රියත්වයක් හිමි කරගෙන සිටින රෝස කල්පනා ආදර ගීතයකි.
ගීතය - සල්ලි
පද රචනය - මනුරංග විජේසේකර සංගීතය - ලහිරු පෙරේරා වීඩියෝ අධ්යක්ෂ - ලහිරු පෙරේරා ඉදිරිපත් කිරීම - මියුසික් අවන් ෆිල්ම්ස් කාලෙන් කාලෙට එකිනෙකට වෙනස්ම අන්දමේ ගීත නිර්මාණය කරන ලහිරු මෙවර ද අමුතු ආකාරයේ වීඩියෝවක් නිර්මාණය කොට ඇත. එහි ඇති සුවිශේෂිත්වය වනුයේ මෙම වීඩියෝව රූගත කොට ඇත්තේ ජංගම දුරකතනයකින් වීමය. එදිනෙදා අප ජීවිතයේ වන විවිධ සිදුවීම් රූගත කොට මෙය සකසා ඇත. 'සල්ලි ලහිරු පෙරේරා' යනුවෙන් යූ ටියුබ්හි ටයිප් කෙට මෙය නැරැඹිය හැකිය.
ගීතය - අද නෑ මා ළඟින්
පද රචනය - අකීවීස් සංගීතය - අකීවීස් මියුසික් වීඩියෝවේ අධ්යක්ෂක - අකීවීස් සුප්රකට ගායක අන්කිත් දිවාරිගේ ගීතයක් ඇසුරෙන් මෙය නිර්මාණය කොට තිබේ. මෙම වීඩියෝව කළු සුදු වර්ණයෙන් එළිදක්වා තිබීම විශේෂත්වයකි. එමෙන්ම එහි රඟපාන්නේ එම ගීතය ගැයූ ගායකයා වේ.
ගීතය - පින් පාට ඇස් ගායනය - චේතිය ලක්ෂාන් පද රචනය - ප්රගීත් රාජපක්ෂ සංගීතය - අශාන් ප්රනාන්දු මියුසික් වීඩියෝවේ අධ්යක්ෂ - මාධව වරුසහන්න මියුසික් වීඩියෝවේ රඟපෑ නළු නිළියන් - අනුරාධා සහ ගයාන් මියුසික් වීඩියෝවේ දර්ශන තල - මීගමුව, ජාඇල චේතිය ලක්ෂාන්ගේ පස්වැනි මියුසික් වීඩියෝව වන්නේ මෙයයි. ගැහැනු ළමයකුගෙන් ආදරය ඉල්ලාගෙන යන තරුණයකු පිළිබඳ මෙම ගීතයෙන් කියවෙයි.
|