වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




හිරු නැති රැයක්

හිරු නැති රැයක්

රිදී තාරකාවන් මනරම් රැඟුම් රඟනා රිදී රැයක් වේදිකාවේ මෙවර එක් තරුවක් අඩු වෙලා. ඒ බව රිදී රැයක් නරඹද්දී හොඳට දැනුණා කියලා ප්‍රේක්ෂකයෝ කියනවා. වෙන කවුරුවත් නොව ඒ රවීන්ද්‍ර රන්දෙණිය.

පෙර අවස්ථාවලදී ප්‍රතාපවත් අන්දමින් වේදිකාවට පිවිස රසික රසිකාවන් ආනන්දයෙන් ආනන්දයට පත් කළ ඔහුට රිදී රැයක් සඳහා සහභාගී වන්නට නොහැකි වුණා. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි රවීට එහෙම වන්නට සිද්ධ වුණේ.

මොන දේ වුණත් ඔහුට මේ සඳහා සහභාගි වන්නමයිලු හිත තිබුණේ. මොකද රිදී රැයක් හි සාර්ථකත්වය පිටුපස රවී යෝධ සෙවනැල්ලක් මෙන් හිටපු හින්දා. රැඟුමෙන් ගැයුමෙන් පමණක් නොව සංවිධාන ශක්තියෙන් ද ඔහු මේ සඳහා දායක වුණානේ. කොහොම හරි දැඩි ලෙසම බල පැවැත් වූ පරිදි වෛද්‍ය උපදෙස් මාලාව යටතේ රවීට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා.