වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රියංකාට සම්මාන

ප්‍රියංකාට සම්මාන

'People's Choice Awards' වාර්ෂික සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙල පසුගිය 6 වනදා ලොස් ඇන්ජලීස් හි උත්සවාකාරයෙන් පැවැත්වූවා. ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට එහිදී "නව රූපවාහිනී කතා මාලාවක ජනප්‍රියම නිළිය" යන සම්මානය හිමිවූවා. ඇයට මේ සම්මානය හිමිවූයේ ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක් වන 'ක්වන්ටිකෝ' (Quantico) සඳහායි. ඇය එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ත්‍රාසජනක කතා මාලාවක් වන Quantico හි පළමුවන කතා පෙළ 2015 සැප්තැම්බරයේ සිට දෙසැම්බරය දක්වා ඇමෙරිකානු ABC රූපවාහිනී නාලිකාවේ විකාශය වූවක්.

මේ සම්මානයත් සමඟ, 'People's Choice Awards' හි සම්මානයක් දිනූ පළමුවන ඉන්දියානු නිළිය ප්‍රියංකා වන බවයි ආරංචියි. මේ නිසා ඇයගේ සහෝදර ශිල්පීන් ගෙන් මෙන්ම ඇයට දස දෙසින් සුබපැතුම් ගලාගෙන එනවා. රන්වීර් සිං, දර්ශන කුමාර් සහ ආතියා ශෙට්ටි පවසන්නේ ඇය සිය රටට ආඩම්බරයක් බවයි. ප්‍රියංකා ඉන්දියාව ජාත්‍යන්තර තලයේ නිරූපණය කරන බවයි සොනක්ෂි පවසන්නේ. ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර් ඇයට සුබ පතමින් පවසා ඇත්තේ ඇය ඉතා මහන්සිවී වැඩ කරන නිළියක් බව සහ මෙම සම්මානය ඇයට හිමි විය යුත්තක් බවයි.