වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මත්පැන් ‘නො’ බීමේ ආදීනව?

මත්පැන් ‘නො’ බීමේ ආදීනව?

'දිනෙෂ් ප්‍රියසාද්ට බයිපාස් සැත්කකමක් කරලලු'

ඒ ආරංචියට අපි පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. මොකද වැඩිපුරම බයිපාස් සැත්කම් කරන්න සිදු වන්නේ හොඳට කන බොන මනුස්සයින්ට. දිනේෂ් එහෙම නැහැනේ. මත්පැන් බොනවා තියා ඒ පැත්ත බලන්නේ නෑ. දන්න අය නම් කියන්නේ ඔහු සමහර මත්පැන් වර්ගවල නම් පවා දන්නේ නැහැ. තව එකක් ඔහු සිගරට් එකක් අතින්වත් අල්ලලා නැහැ. ඒ වගේම තෙල් කෑම එහෙමත් කනවා අඩුයිනෙ. මේ ගැන කිය කිය යාළුවො දිනේෂ්ට විහිළු කරනවා.

මත්පැන් නොබීමේ ආදීනවලු ඒ. දිනේෂ්ට මේ සිද්ධ වුණු දේ හින්දා අපේ අය කරටි කැඩෙන්න මත්පැන් සිගරට් අර ගනියි ද මන්දා. කොහොමවුණත් මත්පැන් සිගරැට් අන්තිම නරකයි බව අමතක කරන්න එපා.