වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




Screen Awards සම්මානලාභීන්

Screen Awards සම්මානලාභීන්

බොලිවුඩ් සිනමාවේ වෘත්තීමය දක්ෂතාවන්ට සම්මාන පිරිනැමෙන 'Screen Awards' සම්මාන උළෙල මෙවරත් පසුගිය 8 වනදා මුම්බායි හීදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.

එහි හොඳම නළුවාට හිමි සම්මානය 'බජිරාඕ මස්තානි' සඳහා රන්වීර් සිං ට සහ පිකු සඳහා අමිතාබ් බච්චන්ට හිමිවුණා. හොඳම නිළිය 'පිකු' සඳහා දීපිකා පදුකෝන්. හොඳම අධ්‍යක්ෂක බජ්රන්ගි භයිජාන් සඳහා කබීර් ඛාන්. හොඳම සහාය නළුවා සහ නිළිය පිළිවෙලින් නවසුද්දීන් සිද්දික් (බජ්රන්ගි භයිජාන්) සහ ප්‍රියංකා චොප්රා (බජිරාඕ මස්තානි). ජනප්‍රියම නළුවා සහ නිළිය පිළිවෙලින් ශාරුක් ඛාන් (දිල්වාලේ) සහ දීපිකා පදුකෝනේ (බජිරාඕ මස්තානි). හොඳම කතාව බජ්රන්ගි භයිජාන් ට හිමි වුනු අතර, හොඳම විශේෂ ප්‍රයෝග සම්මානය බජිරාඕ මස්තානි චිත්‍රපටයට හිමි වුනා. නැගී එන නළුවා සහ නිළිය පිළිවෙලින් මසාන් චිත්‍රපටය සඳහා විකි කෞශාල්, සහ දුම් ලගේ කේ හෛෂා චිත්‍රපටය සංහහා භූමි පෙද්නේකාර් යන අයත් වුනා. ජනප්‍රියම චිත්‍රපටය වූණේ ‘බජ්රන්ගී භයිජාන්’. ජූරියේ සම්මානය හිමිවුණේ ‘තල්වර්’ චිත්‍රපටයටයි.