|
|
කාලා මරණ
ආ . . . මොකක්ද ඒ කතාව? මෙන්න මේකයි. නිරෝෂා ගියානේ ජපානෙට, කන්දක් සේ මා සිනමාපටයේ රූගත කිරීමක් සඳහා. ඒ රටට නිතර භුමිකම්පා සිදුවනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයිනේ. ඒ වුණාට නිරෝෂා ගිය මුල් දවස් කිහිපයේ නම් එහෙ කිසිම දෙයක් වුණේ නැතිලු. ඔන්න දවස් ගණනාවක් නිරෝෂා ජපානයේ ඉඳලා. කන්න ලැබිලා තියෙන්නේ ජපන් කෑම. ඉතින් එපා වුණාලු. ඔය අතරේ දවසක් ලංකාවේ කෑම තිබුණු දවසක් ආවලු. නිරෝෂාට හෙන හැපි. මෙයා මොකද කළේ තඩි බත් පිඟානක් බෙදාගෙන තමන්ගේ කාමරයට ගියාලු. කෑම කකා ටිකක් වෙලා ඉන්න ගමන් තේරුණාලු තමන් නිකම් පැද්දෙනවා වගේ.
ඊට පස්සේ මැරුණත් කමක් නැහැ ඔක්කොටම කලින් කාලා බීලා ඉන්න ඕනෑ කියලා හිතලා කෑම පිඟාන අතට අරගෙන කන්න පටන් ගත්තලු. කොහොම හරි ටික වේලාවකින් භූමිකම්පා තත්ත්වය පහව ගිහිල්ලා. චිත්රපටයේ පිරිවර දුවගෙන නිරෝෂගේ කාමරයට එද්දී මෙයා කිසි ගාණක් නැතුව කෑම කකා ඉන්න විදිහ දැකලා එයාලා පුදුම වුණාලු. 'මොන දේ වුණත් කාලා බීලා ඉන්න ඕනෑ' නිරෝෂා එහෙම කියලා බොහොම සැහැල්ලුවෙන් හිනා වුණාලු. |



නිරෝෂා පෙරේරා තරම් සැහැල්ලුවෙන් ඉන්න නිළියක් තවත් නැතුව ඇති. නැව ගිලුණත් බෑන්
චූන් ගණයට වැටෙන ඇය නිතරම කියන්නේ මොන දේ වුණත් හොඳට කාලා බීලා ඉන්න ඕනෑ කියලයි.
ඒකනේ භූමිකම්පාවක් මැදදී වුණත් වගේ වගක් නැතුව කෑම කාලා තියෙන්නේ.
නිරෝෂා කොහොමත් පැද්දි පැද්දි ඉන්න කෙනානේ. මෙයා එහෙම හිතුවලු.
ආයෙත් හොඳටම පැද්දෙනවලු. හරියට බෝට්ටුවක ඉන්නවා වගේ. නිරෝෂා කෑම පිඟාන පැත්තකින්
තියලා ජනේලෙ ගාවට ගියාලු. මෙන්න බොලේ පාරේ හැම තැනම තදට හුලං හමනවලු. බිල්ඩිං
කැඩිලා යනවත් පේනවලු. එතකොට තමයි නිරෝෂට තේරිලා තියෙන්නේ භූමිකම්පාවක් මේ සිද්ධ
වෙන්නේ කියලා. මේකට අහුවෙලා මැරේවි කියලත් හිතුණලු.