වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රදීප්ට නව තනතුරක්

ප්‍රදීප්ට නව තනතුරක්

ප්‍රදීප් ජයතිලක අප වඩාත් හඳුනන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙකු හැටියටයි. ඔහු රංගන ශිල්පියකු හැටියට ද කටයුතු කළා. නමුත් ප්‍රදීප්ගේ වෘත්තීය නම් වෙනත් එකක්. කොළඹ දිසා අධිකරණයේ ජ්‍යෙෂ්ඨ දිසා විනිසුරුවරයකු හැටියටයි ඔහු සේවය කළේ. ප්‍රදීප්ට නව තනතුරක් ලැබුණා. ඒ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා හැටියට. මෙම මස 14 එනම් අද සිට ඔහු නව තනතුරෙහි වැඩ භාර ගන්නවා.

මහනුවර, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණවල මෙන්ම හැටන්, ගම්පහ දිසා අධිකරණයෙහි ඔහු සේවය කළා. වර්තමානයේදී වේදිකා ගත වන ලෝරන්ස්ගේ මනමාලි ඇතුළු සිකුරා හතේ, පරණ පිනක්, බෝනික්කි ගෙදර ආදී වේදිකා නාට්‍ය රැසක් සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රදිප්.

ටෙලි නාට්‍යවලින් ගතහොත් සඳ නුඹ නම්, ආදරියේ, ආත්ම සෙනෙහස, සඳවතියේ, ගිනි අවි සහ ගිනි කෙළි, පාදඩයා යන චිත්‍රපට සහ දුන්න දුනුගමුවේ, මරාසාද් වගේ වේදිකා නාට්‍යවල ප්‍රදීප් නළුවකු වශයෙන් කැපී පෙනුණා. කෙසේ වෙතත් ප්‍රදීප් ලද මේ නව තනතුරට අප හදවතින්ම සුබපනවා කියලා කියන්න කැමැතියි.