ඒක නම් මාරයි
ඒක නම් මාරයි
මේ දවස්වල බොලිවුඩ් සිනමා නිර්මාණ වාර්තාපිට වාර්තා පිහිටුවන්ටෙන් හරියට තරගයට වගේ.
පසුගිය කාලයේ බජ්රන්ගී භයිජාන්, ඒබීසීඩ් 2 වගේ චිත්‍රපට කෝටි ගණන් වාර්තා තබන විටදී
පසුගිය 31 වැනිදා තිරගතවීම ආරම්භ කළ ද්රිශ්යාම් චිත්‍රපටයත් ඒ කිසිවකට දෙවැනි
වුණේ නැහැ.
නිෂිකාන්ත් කමත් අධ්‍යක්ෂණය කළ ද්රිශ්යාම් චිත්‍රපටය තිරගත වී දවස් දෙකක් තුළ
වාර්තා කළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 17.45ක්. ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ අජේ
දේව්ගන්, තාබු සහ ශ්‍රියා සරාන්. අජේ මධ්‍යම පාන්තික පවුලක පියෙකුගේ චරිතය නිරූපණය
කරනවිටදී තාබු පණ දෙන්නේ බොහොම ප්‍රභල කාන්තා චරිතයකට. තාබුගේ මේ චරිතය ඇය නිරූපිත
චරිත අතර දැඩිම චරිතය කියලත් සමහර අය හැඳීන්වූවා.
විචාරකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලබා ගන්නත් ද්රිශ්යාම් සමත් වෙලා. ඉදිරියේදීත්
ද්රිශ්යාම් ගොඩක් මුදල් උපයනු ඇති බවත් ඒ අතර වෙනවා. බොහෝ දෙනා පවසන්නේ ඒක නම්
මාර චිත්‍රපටයක් කියලයි.
යතේජා ඥානරත්න
|