|
පිස්සූ පූසෝ අතුලගෙ ගෙදර ඇවිත්
ටයිටස් තොටවත්තයන් යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. ඔහු අදින් වසර ගණනාවකට පෙරාතුව අපෙන් සදහටම නික්ම ගියේ අපට බොහෝ දේ ඉතිරි කරලා. ඒ අතරින් ටයි මහත්තයා අපට දායාද කළ වටිනාම වස්තුව තමයි ඔහුගේ ප්‍රමුඛම ගෝල බාලයා වන අතුල රන්සිරිලාල්. කිසිදු ගුරු මුෂ්ටියක් තමන් සතුව තියා ගන්නේ නැතුව ටයි මහත්තයා අතුලට ඉගැන්නුවා.
මේ අය ඉන්නේ අතුලගේ නිවසේලු. අතුල මේ අයවත් වට කරගෙන යාළුවන්ට කියනවලු අපේ ගෙදර පූසෝ ඉන්නවා. ඕනෑ නම් ඇවිත් ගෙනියන්න කියලා. මේක කියවලා දැන් කීප දෙනෙක් අතුලගේ ගෙදර යාවිද දන්නේ නැහැ පූස් පැටව් ඉල්ලලා. එක අතකින් අතුල මෙහෙම පූස් පැටව් දන් දීම අගය කළ යුතුයි. ඇතැම් අය නම් තමන්ගේ වත්තේ ඉන්න පූස් පැටව් හීන්සිරුවේ පන්සල්වලට පූජා කරනවානේ කාටත් හොරෙන්. කෙසේ වෙතත් අපට නම් කියන්න තියෙන්නේ අතුල මහත්තයො ඔක්කෝටම කලින් පූස් පැටවුන්ට නම් දාන්න. එතකොට ලේසියි. ඒකට පිස්සු පූසා සෙට් එකේ හිටපු අයට තිබුණු ඥාව්වා, පුරු පුරු, උපාසක, මාළු කට්ටා වගේ නම් එහෙමත් හැබැයි හොඳයි නේද? |