|
කට පරිස්සමින්
දේශපාලනය අද බොහොම බලගතු දෙයක් බවට පත් වෙලා. ඒක නිසා හැමෝම දේශපාලනයට පිවිසෙන්න උත්සාහ දරන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. ඒවුණත් තමන්ගේ පවුලේ දේශපාලන බලය තිබුණත් ඒක පාඩමකට විතරක් කරගන්න අයත් අපට හමු වෙනවා. රිතේෂ් දේශ්මුක් කියන්නේ එහෙම චරිතයක්. තමන් දේශපාලන පවුලක ඉපදීම නිසා ඥානවන්ත වුණා කියලා තමයි ඔහු කියන්නේ. රිතේෂ්ගේ තාත්තා විල්ශ්රාවෝ දේශ්මුක් ඉන්දීය පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයෙක්. ‘දේශපාලඥයෝ හැමවිටම තමන්ගේ කට පරිස්සම් කරගන්න උත්සාහ ගන්නවා. මමත් පොඩි කාලයේ පටන්ම කට පරිස්සම් කරගන්න පුරුදු වුණේ තාත්තාගේ දේශපාලනය නිසා රිතේෂ් පවසනවා. පවුලේ දේශපාලන පසුබිම නිසා රිතේෂ්ටත් යම් දේශපාලන දැක්මක් තිබෙන බව ඔහු පවසනවා. ඒ වුණත් ඒක රංගනයට නම් බලපෑමක් කරන්නේ නැතිලු. සිනමා නිර්මාණ තෝරා ගන්න තමන්ගේ දේශපාලන දැක්ම බලපෑමක් කරන්නේ නැහැ කියල ඔහු පවසනවා. එහෙම වුණා නම් ඔහු ග්‍රෑනඩ් මස්ති වගේ චිත්‍රපටයක් භාර ගන්නේවත් නැහැ කියලයි රිතේෂ් පවසන්නේ. තමන් එහි දේශපාලන දැක්ම ගැන සතුටු නැතත් ප්‍රේක්ෂකයා එය රස විඳීනවා බලා සතුටු වු බවත් ඔහු පවසනවා. මීළඟට අපට ඔහු හමු වන්නේ ත්‍රස්තවාදය ගැන කියවෙන කතා පුවතක් ගෙන එන බන්ගිස්තාන් චිත්‍රපටයෙන්. අපි නළුවෙක් විදියට ඔහු හඳුනා ගත්තත් රිතේෂ් කියන්නේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු පවසන්නේ පොඩ්ඩක් කියන්නේ ගොඩක් කියන එක තමන්ට ඉගැන්නුවේ ගෘහ නිර්මාණ ශිල්පයලු. |