|
සෙල්ෆි ගැහිල්ලත් පණ යන වැඩක්
මේ වන විට සෙල්ෆි ගැහිල්ල උන්මාදයක් බවට පත් වෙලා. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන වැඩි දෙනෙකුට ඉතාම ටික කලකින් සෙල්ෆි රෝගය බෝ වෙනවා. සමහරුන්ට ලස්සන ගහක් ගලක් පෙන්න බෑ. එයා ඉස්සරහා ඉඳගෙන සෙල්ෆි ගන්නවා. අනේ මන්දා ඉතින් මේ සෙල්ෆි ගැහිල්ල කොහෙන් කොහොම ඉවර වේවි ද කියලා. සෙල්ෆි නිසා අමාරුවේ වැටුණා එක්තරා නළුවෙක්. එක්තරා නළුවකු කිව්වට ඔහු සම්මානනීය නළු රාජයෙක්. එයා තමයි මහේන්ද්‍ර පෙරේරා. මහේන්ද්‍ර ගියා කුරුණෑගලට ප්‍රවේගය සිනමාපටයේ පිරිවරත් එක්ක එහි ප්‍රමෝෂන් වැඩක් සඳහා. කුරුණෑගල සිනෙක්ස්පෝ සිනමා ශාලාවේදියි වැඩේ තිබුණේ. චිත්‍රපටය ඉවර වෙලා මහේන්ද්රලා එළියට ආවලු. මෙන්න බොලේ ප්‍රේක්ෂකයෝ මහේන්ද්‍රව වට කරගෙන. හුස්මක් කටක් ගන්නවත් විදිහක් තිබුණේ නැහැලු. ටික වේලාවකින් මහේන්ද්‍රට දැනුණලු කැමරා ෆෝන් ගොඩක් තමන්ගේ දිහාවට එල්ල කරගෙන සෙල්ෆි ගන්නවා. ඒ ෆෝන් අතේ තියාගෙන ඉන්න අය මහේන්ද්‍රට කියනවාලු මෙහෙ බලන්න, ඔළුව උස්සන්න, පහත බලන්න, දකුණට හැරෙන්න, අනේ මගෙත් එක්කත් එකක් ගනිමු වගේ දේවල්. මහේන්ද්‍රත් ඉතින් එහෙට හැරෙනවලු. මෙහෙට හැරෙනවලු. ඔය අතරේ මහේන්ද්‍රට දැනුණලු තමන්ගේ හුස්ම හිරවීගෙන එනවා. ඒ හින්දම ෂේප් එකේ මහේන්ද්‍ර එතැනින් ලිස්සලා ගිහිල්ලා. මේ සෙල්ෆි උන්මාදය කොතෙක් ද කියනවා නම් එදා මහේන්ද්‍රගේ පණ ගියත් කට්ටිය ඒකත් සෙල්ෆි ගහනවා සිකුරුයිි. |