|
නොයෙල් දකිනකම් ෂෝ එක නෑ
නොයෙල් රාජ් සනිධප සංගීත කණ්ඩායම දාලා ගිහිල්ලලු. ඔය ආරංචිය සංගීත ක්ෂේත්‍රය පුරා ලැව් ගින්නක් වගේ පැතිර ගියා. එය කොතරම් දරුණුවට සිදු වුණා ද කිව්වොත් ඇතැම් පුවත්පත්වල පවා මේ ගැන දාලා තිබුණා. නොයෙල් අපට නම් කිව්වේ මැරෙනකම්ම සනිධප අතහරින්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් නොයෙල් වචන දෙකේ මනුස්සයෙක් නෙවෙයි. ඒ හින්දම අපට පුදුමයි නොයෙල් සනිධප දාලා ගියා කියන ආරංචියට. ඒත් ඇත්තටම එහෙම වෙලා නැහැලු.
ඊට පස්සේ තමයි ෂෝ එක පටන් ගන්නේ. ඔන්න දිනක් නොයෙල් ෂෝ එකක් පටන් ගන්නට කලින් වාහනේට වෙලා ටිකක් නිදාගෙන. ඔය අතරේ එළියේ මහ හයියෙන් කවුදෝ කෑගහනවා ඇහෙනවලු. සනිධප කණ්ඩායමේ ශාන් ඒ මනුස්සයාව යවන්න හදනවලු. ඒත් යන්නෙම නැතිලු. ඔහු එහෙම ගෝරනාඩු කරලා තියෙන්නේ නොයෙල්ව බලන්න. ශාන් කොච්චර පැහැදිලි කරලා දුන්නත් ඔහු කියලා නොයෙල් ඉන්නවද කියලා දෑසින් දකිනකම් ෂෝ එක පටන් ගන්න දෙන්නේ නැහැ කියලා. අන්තිමේ නිදා ගැනිල්ල පැත්තකින් තියලා නොයෙල් අර මනුස්සයට පේන්න එළියට ආවලු. ඊට පසුව තමයි එදා ෂෝ එක පටන් අරගෙන තියෙන්නේ. |