|
අඳින්න, රඟන්න හපන් දයානන්ද සිල්වා
'ඒ රංගනයට තිබුණු ආශාව නිසාම මම දෙහිවල තිස්ස කර්මාන්ත ආයතනයට ගියා. එකල සකුචාරා චිත්‍රපට නමින් පතළ වූ මේ මඟින් කළ 'රූමතියයි නීතියයි' චිත්‍රපටයේ වේටර් වරයෙක්ගේ චරිතයට පණ පොවන්නට මට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ සුසාන් ප්‍රනාන්දුගේ 'නගරං' චිත්‍රපටයේ පරෙවියෝ හොරෙන් අරන් යන දර්ශනයටත්, දිනේෂ් ප්‍රියසාද්ගේ පෙරලිකාරයෝ චිත්‍රපටයෙත් රඟපෑවා. ඉදිරියේදී තිරගත වන්නට නියමිත රන්ජන් රාමනායකගේ 'ඩොක්ටර් නවරියන්' චිත්‍රපටයේත්, තවත් ටෙලි නාට්‍යයකත් මගේ රංගනය ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්නට හැකි වේවි. මේ මොන කාර්යය කළත් මා තවමත් අඳින චිත්‍ර ශිල්පය අමතක කරලා නැහැ. මේ වන විට අවමංගල තොරන්, අවමංගල පුවරු, කටවුට් බැනර්, පෝස්ටර් අඳින කටයුතුවල මා තවමත් නියැළෙනවා. විශේෂයෙන්ම ළඟ එන පොසොන් පෝයට ඉදිරිපත් කරන තොරන් අඳින කටයුතුවලත් මා නිරත වෙනවා. අවමංගල කටයුතුවලදී කෙරෙන අවමංගල තොරන්, අවමංගල බැනර් ආදී දේ අසරණ අයට ඇඳලා දෙන්නේ නොමිලයේමයි.' මේ වගේ අපූරු සේවයක් කරන දයානන්ද සිල්වාට ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් 0774139179 යන දුරකථන අංකය ඔස්සේ ඔහු හා කතාබහ කළ හැකිය. ඔහුට ඔබගේ කටයුතු කර ගැනීමට ආරාධනා කළ හැකිය.
|