|
මාසෙට ෆෝන් හතරක් අතුරුදන්
ඉතාමත් කෙටි කාලයකදී වැඩිම දුරකතන ප්‍රමාණයක් නැති කරගත් නිළියට හිමි වාර්තාව සතු කරගෙන සිටින කෙනා කවුද දන්නවාද. එයා තමයි මෙයා. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ පිනිමුතු වැස්සේ නාට්‍යය නැරඹුවා නම් මෙයාව ඔබ දැකලා ඇති. නදීෂා රංගානි දයාරත්න තමයි ඇයගේ ඇත්ත නම. නදීෂාව අපට වඩාත් මතක ලිලන්ත කුමාරසිරිගේ අපේක්ෂා නාට්‍යයේ පහන්දි ලෙසටයි.
ඇත්තම කිව්වොත් මේ ෆෝන් නැතිවීම නිසා එහි ආදීනව විඳින්න වෙලා තියෙන්නෙත් නදීෂාටමයි. මොකද ෆෝන් එකක් නැතිවෙන නැතිවෙන සැරයක් ගානෙ තමන්ට තියෙන සබඳකම් අහිමි වීම නිසා ක්ෂේත්රයේ වැඩවලට යාමේදී බාධාවක් වන නිසානෙ. නදීෂාගේ යාළුවො අපට හමු වුණාමත් අහන්නේ නදීෂගේ අලුත් නම්බර් එකක් නැතිද, පරණ නම්බරේ වැඩ කරන්නේ නැහැ කියලයි. මේ දිනවල අධ්‍යාපන කටයුතුවල නියැළෙන නදීෂා තමන්ගේ ෆෝන් එක ගැන හොඳ අවධානයෙන්ලු කල් ගෙවන්නේ.
|