|
තවත් කලාකරුවෙක් මැතිවරණ සටනේ
ඒ විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේනයි. ඔහු ජනප්‍රිය ගායන ශිල්පියෙක් හා ගී පද රචකයෙක් ලෙස ද නමක් දිනා සිටියි. හෙතෙම මෙම මැතිවරණයට තරග වදින්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු ලෙසින්. ඒ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.
කියවන කවය අද
ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මඟින් සංවිධානය කෙරෙන සිනමා රස වින්දන වැඩසටහනේ අද (06) වෙන් වන්නේ කියවන කවය වෙනුවෙනි. එය විෂ්ණු සමඟ හැන්දෑවක් නමින් අද පස්වරු 4.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. විෂ්ණු වාසු කියවන කවය සඳහා අද විශේෂ ආරාධිතයා ලෙසින් සහභාගි වීමට නියමිතය.
පළාත් සභාවෙන් නොමිළයේ පාඨමාලා
බස්නාහිර පළාතේ තරුණ තරුණියන් සඳහා සෞන්දර්ය කලා පාඨමාලා පහක් නොමිලයේ පැවැත්වීමට බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනය කටයුතු සූදානම් කර තිබේ. නාට්‍ය හා රංගකලා, සිනමා හා රූපවාහිනී, නර්තන හා සංගීත (වයලින්, ගිටාර්, ඕගන්) ක්ෂේත්‍ර ඔස්සේ පැවැත්වෙන මේ පාඨමාලා වයස අවුරුදු 18 - 30 අතර තරුණ තරුණියන් සඳහා විවෘත වේ. සතියේ දින හා සති අන්තයේදී පැවැත්වෙන මෙම පාඨමාලා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලැබේ. කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ අංක 275/74 හි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙන් හෝ දුරකථන අංක 0112081500, 0115739379 හෝ 0115929344 මඟින් වැඩිදුර විස්තර ලබාගත හැකි වේ.
සිනමාකරණය ගැන ඩිප්ලෝමාවක්
ශ්‍රී ලංකා සිනමා කලා සංගමය මෙහෙයවන සිනමාකරණය සහ ටෙලි නාට්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සැප්තැම්බර් මස සිට මාස හයක් පුරා සෑම ඉරිදා දිනකම පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පාඨමාලාවේදී චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදන සැලසුම්, පෙර සහ පසු නිෂ්පාදන කටයුතු, චිත්‍රපට ටෙලි නාට්‍ය තිර රචනය, කැමරාකරණය (දළ සේයාපට භාවිතයේ සිට නවීනතම ඩිජිටල් කැමරා භාවිතය දක්වා), නවීන තාක්ෂණය භාවිත කර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංස්කරණය, දෙබස් කැවීම් සහ ශබ්ද සංකලනය, කලා අධ්‍යක්ෂණය, රසායනාගාර කටයුතු සහ නවීන තාක්ෂණයෙන් චිත්‍රපට පිටපත් මුද්‍රණය කිරීම වැනි විෂය ක්ෂේත්‍ර ආවරණය කෙරේ. ඊට අමතරව සිනමා විචාරය සහ රස වින්දනය, සිනමා පුවත්පත් කලාව, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ ත්‍රිමාණ සජීවකරණය ආදිය පිළිබඳ විශේෂ දේශන ද පැවැත්වීමට නියමිතය. ප්‍රවීණ සිනමාවේදීන් විසින් මෙම දේශන පවත්වනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය අගෝස්තු 15 වැනිදාට යෙදී ඇති අතර ශ්‍රී ලංකා සිනමා කලා සංසදය, අංක 13, ගැමුණු මාවත, අත්තිඩිය,දෙහිවල ලිපිනයෙන් හෝ 0772588584 දුරකථන අංකයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය. All Friends නටාෂා-ශලනිරිද්ම තරංග ඩාන්සිං නයිට්- 2015 වැල්ලඳුරේ දී..
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නර්තන අධ්‍යක්‍ෂවරයකු, කලා අධ්‍යක්‍ෂවරයකු හා ඇඳුම් නිර්මාණ ශිල්පියකු වන ප්‍රියාන් අනුර ශ්‍රී ගේ නර්තන නිර්මාණයෙන් යුත් ඒතත ටපඪඥදඤඵ නටාෂා - ශලනි රිද්ම තරංග ඩාන්සිං නයිට් 2015 ප්‍රසංගය 06 (අද) වැනිදා සවස රත්නපුර, වැල්ලඳුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ රංග ශාලාවේදී පැවැත්වේ.
|