|
බැංකුවම කැහි වාට්ටුවක් වෙලා
ඔය අතරේ මතක් වුණාලු පෙරේදා සර්වන්ට් ළමයා ගමේ යද්දි මිරිස් කොටන්නත් දුන්නා නේද කියලා. දැන් ඒ ටික ගන්නත් එපායැ. ඕවා ගැන හිත හිත මෙයා සරුංගලයක් වගේ හැඩ ගැන්විලා එළියට බැහැලා. මුලින්ම කරලා තියෙන්නේ අර කොටන්න දීපු මිරිස් කුඩු ටික ගත්තු එක. එතැන මිරිස් කිලෝ තුනක් විතර තිබුණාලු. ඊට පස්සේ එයා ඒකත් උස්සගෙන බැංකුවට ගිහිල්ලා. මිරිස් කුඩු ටික බැංකුවේ මුල්ලකින් තියලා අදාළ කාර්යය කර ගන්න බැංකුවේ අදාළ තැනට ගියාලු. තමන් නිළියක් හින්දා හැමෝම තමන් දන්නවා ඇති කියලා හිතාගෙන දකින දකින අයට ඇය හිනහත් වුණාලු. මිනිත්තු කිහිපයක් ගත වුණු තැන බැංකුවේ කිහිප දෙනෙක් කහින්න පටන් අරන්. මේ කැස්ස ටික වේලාවකින් හැමෝටම බෝ වුණාලු. දැන් බැංකුව එකම කැහි වාට්ටුවක් බවට පත් වෙලා. මේ නිළියගෙත් ඇස් දෙකට දැන් තද දැවිල්ලක් දැනෙනවලු. මෙයාටත් කැස්සක් ඇවිල්ලා. මේ කලබලේ අස්සේ බැංකුවේ සිකියුරිටි නිලධාරියා තුවක්කුවත් උලුක් කරගෙන කට්ටිය කහින පැත්තට දුවගෙන ඇවිල්ලා. කවුද බැංකුව ඇතුළට මිරිස් කුඩු ගෙනාවේ. දන්නෙ නැද්ද ඒසී එකක් ඇතුළට මිරිස් කුඩු ගෙන්න හොඳ නැහැ කියලා. කරුණාකරලා අයිතිකාරයා මිරිස් කුඩු එකත් අරන් එළියට බහින එකයි ඇත්තේ. සිකියුරිටි අඩි හප්පලා එහෙම කියලා. අර නිළියට දෙලෝ රත් වුණාලු. මේ වෙලාවේ තමන් පැත්තකින් තියපු මිරිස් කුඩු එක අරගෙන යන එක නෝන්ඩියිනේ. ඒ හින්දා ඒකත් තියලා මෙයා බැංකුවෙන් එළියට බැහැලා. එදායින් පස්සේ මේ නිළිය නෙමෙයිලු ගෙදරට බඩු ගේන්න කඩේට ගියේ. |