|
අර්ජුන්ගෙන් පිළිතුරු
ප්රශ්නය -ලංකාවේ චිත්‍රපටවල ගීත කෝකිලාව නිළි රැජන වශයෙන් හැඳින් වෙන්නේ රුක්මණී දේවියයි. මට දැනගන්න උවමනා වන්නේ හින්දි සිනමාවෙත්, ද්‍රවිඩ සිනමාවෙත් එවැනි අය සිටිනවා නම් ඒ කවුරුන්ද? ආර්. ඒ. අමරසිංහ, පෙතියාගොඩ ,කැලණිය අර්ජුන් - හින්දි ගීත කෝකිලාව යන අන්වර්ථ නාමය ලැබුණේ ලතා මංගේෂ්කාර්ට පමණයි. ප්රශ්නය - 'එයා දැන් ලොකු ළමයෙක්' (1975) චිත්‍රපටයේ කතා සාරාංශය කෙටියෙන් දක්වා එහි රඟපෑම වෙනුවෙන් මාලිනී ෆොන්සේකා මහත්මිය ලද ගෙවීම කොපමණද? අමන්ත පෙරේරා, වැලිසර, රාගම අර්ජුන් - පළමු පැනයට පිළිතුර නම් එය කරුණාරත්න සපුතන්ත්‍රිගේ එයා දැන් ලොකු ළමයෙක් හා මනමාලී යන නවනකතා දෙක ඇසුරින් තැනූ චිිත්රපටයක් බවයි. එය කේන්ද්‍ර කොට ගත්තේ සුසිලා නම් යුවතියයි. මාලිනී එම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් මොස්කව් උළෙලේ සම්මානයට පාත්‍ර වූවා. ඊළඟ ප්‍රශ්නයට උත්තර දීම සුදුසු කාරණාවක් නොවේ. එය අතිශය පෞද්ගලික කාරණාවක්. ප්රශ්නය -ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන සේන සමරසිංහ චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ඉවත් වෙලාද? එච්. ඉන්ද්‍රපාල, සංඝමිත්තා මාවත, මුංහේන අර්ජුන් - ඔහු මෑත භාගයේ කිසිදු චිත්‍රපටයක් නිර්මාණය කළේ නැහැ. දැන් ඔහු කුරුණෑගල පදිංචිව සිටිනවා. ප්රශ්නය -83 විජය චිත්‍රාගාරය ගිනිබත් වීමෙන් විනාශ නොවුණු චිත්‍රපටයක් වූ බිස්වා ෆිල්ම්ස් නිපැයූ මිහිරි ගීත රැසක් සහිත 'ඔක්කොම හරි' චිත්‍රපටය එම වසර අග භාගයේ සිනමාහලක මා නැරඹුවා. එය නැවත ප්‍රදර්ශනය නොකරන්නේ මන්ද? ජානක ඉලුක්කුඹුර, කඩවත අර්ජුන් - බිස්වා සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපට තුනෙන් ඔක්කොම හරි සහ කොහොමද වැඩේ චිත්‍රපට යුගලම 1985 වර්ෂවල තිරගත කළා. ඊට පසුව මොනවා වුණාද කියා කිසි කෙනෙක් දන්නේ නැහැ. ප්රශ්නය - සුවහසක් රසික රසිකාවන් අමන්දානන්දයට පත් කළ ජෝතිපාල ගායකයාණන්ට කරන ලද අපහාසයකි ඔහුගේ ගීත විකෘති කර ගායනා කිරීම. එයට ඔබගේ පිළිතුර කුමක්ද? ඊ. දයානන්ද ද සිල්වා, සීනිගම, හික්කඩුව අර්ජුන් - ගායනය නොවේ ඕනෑම දෙයක් විකෘති කිරීම ඉවසන්න බැහැනේ දයානන්ද. ප්රශ්නය - තන්ඩබෝල් චිත්‍රපටයේ එන දිය යට දර්ශනවලට පාදක වුණේ රන්මුතු දූව චිත්‍රපටයේ එන එවැනි දර්ශනයක්ද? කිත්සිරි ඒ. මද්දෙවිතාන, ආසිරි උයන, මත්තෙගොඩ අර්ජුන් - රන්මුතු දූව කණ්ඩායම විසින් එහෙම කියා තියනවා. ප්රශ්නය - පැරැණි චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ කිංස්ලි රාජපක්ෂයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට මොනවාද? තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල තටාක පාර, කෑගල්ල අර්ජුන් - දීපශිකා, හඳපාන, කලණ මිතුරෝ, ඉඳුනිල, සිනාවයි ඉනාවයි, සුරේඛා, සුදු පරවියෝ, හිතට හිත, සිඟිති සුරතල්, සුහද පැතුම, රාන් කුරුල්ලෝ.
ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 |