වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




තවම තිස් පහයි

තවම තිස් පහයි

බොලිවුඩයේ බිග් බී හෙවත් අමිතාබ් භච්චන්ගේ දැන් වයස අවුරුදු තිස්තුනක්. පසුගිය අගෝස්තු 02 වැනිදා ඔහු ඔහුගේ දෙවැනි ඉපදීම සැමරුවා. අමිතාබ්ගේ දෙවැනි ඉපදීම සටහන් වෙන්නේ 1982 වසරේ තිරගත වූ කූලි චිත්‍රපටය සමගින්.

කූලි චිත්‍රපටයේ එක් සටන් ජවනිකාවක අමිතාබ්ගේ සතුරා විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඔහු මරණාසන්න තත්ත්වයට පත් වුණා. කතාවේ සතුරා වුණත් ඔහු එදා එල්ල කර තිබුණේ සැබැම පහරවල්. ඇත්තටම බිග් බී මැරෙන්න ආසන්න වෙලා.

පසුගියදා තම ට්විටර් පිටුවේ අමිතාබ් සටහන් කළේ එදා ඒ සිදුවීම් තමන්ගේ ජීවිතයේ අඳුරු සෙවණැලි වගේ කියලයි. හැමෝම හිතලා තියෙන්නේ අමිතාබ් මියගිය බවයි. අවසන්වරට ඔහු දැක ගැනීමට දැඩිසත්කාර ඒකකයට පැමිණෙන ලෙසත් බිරිඳ ජයාට පවසා තිබුණා. ඒ වුණත් වෛද්‍ය උද්වානියාගේ ආශ්චර්යමත් සැත්කම හේතුවෙන් යළි ඉපදීමට අමිතාබ්හට වාසනාව උදා වෙලා. ඔහු එය සිහිපත් කළේ තමන්ගේ දැන් වයස අවුරුදු තිස් තුනක් යැයි කියමින්.