|
අනිල්, අර්ජුන්, බොනී එක් කළ කපූර්
පවුලේ වගතුග
ඒ අතුරින් විශාලතම සහ මුල්ම පවුල වන්නේ ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් පැවැත එන කපූර් පරපුරයි. අද පවුල් ගස වෙන් වන්නේ තවත් කපූර් පරම්පරාවක් වෙනුවෙනි. එය සුරින්දර් කපූර්ගෙන් පැවත එන්නා වූ කපූර් පරම්පරාවයි. හින්දි සිනමාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ සුරින්දර් කපූර් එහි ආරම්භකයා විය. පන්ජාබයේ හින්දු පවුලක උපත ලද ඔහු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ජනප්‍රිය හින්දි චිත්‍රපට තරුවක වූ ගීතා බාලිගේ ලේකම්වරයා ලෙසිනි. ඒ 1950 වසරේදීය.
සුරින්දර් කපූර් විවාහ වූයේ නිර්මාල් දේවි සමගිනි. සුරින්දර් – නිර්මාල් යුවළට දරුවන් සිව්දෙනෙකි.
සුරින්දර් කපූර්ගේ වැඩිමහල් පුතු බොනී කපූර් ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වේ. Mr. India, No Entry, Judaai, Wanted වැනි සාර්ථක නිර්මාණ ඔහු නිෂ්පාදනය කළේය. බොනීගේ පළමු විවාහය සිදු වූයේ මෝනා ෂෞරී සමඟිනි. මෝනා ද ටෙලි නිර්මාණ නිෂ්පාදකවරියක වූවාය. අර්ජුන් පුතුට සහ අන්ෂුලා දියණියට දෙමාපියන් වුවද දිවි ඇති තෙක් එක්ව වාසය කිරීමට හැකි ලෙසින් බොනී සහ මෝනාගේ දෛවය ලියවී නොතිබිණි.
ඇය ශ්‍රී දේවි ය. බොනී 1987 වසරේදී නිෂ්පාදනය කළ Mr. India චිත්‍රපටයේදී ශ්‍රී දේවි හමු විය. බොනීගේ වැඩිමහල් සොයුරු අනිල් කපූර් සමඟින් ශ්‍රී දේවි එහි ප්‍රධාන චරිතය නිරූපණය කළාය. මෝනාගෙන් දික්කසාද වූ බොනී ශ්‍රී දේවි විවාහ කර ගත්තේය. ශ්‍රී දේවි සිය රංගන දිවිය ආරම්භ කළේ ළමා රංගන ශිල්පිනියක ලෙසිනි. ඒ දෙමළ සිනමාවෙනි. ඉන්පසු හින්දි, තෙළිඟු, මලයාලම් සහ කණ්ණඩ චිත්‍රපට රැසක් සිය රංගනයෙන් හැඩ කළාය.
ඇය සිය පළමුවෙන්ම ප්‍රධාන රංගනයක් ඉදිරිපත් කළේ 1978 වසරේ භාරතී රාජා
අධ්‍යක්ෂණය කළ Solva Sawan චිත්‍රපටයෙනි.
1983 වසරේදී බොක්ස් ඔෆිස් වාර්තා තැබූ Aimmatwala හි රංගනය කා අතරත් ජනප්‍රිය විය. බොනී සමඟ විවාහයෙන් පසු වසර පහළොවක් පමණ රංගනයෙන් දුරස්ව සිටි ශ්‍රී යළි English Vinglish චිත්‍රපටයෙන් සිනමාවට සමීප වූවාය. එය සාර්ථක පුනරාගමනයක් විය. 2013 වසරේදී ඉන්දිය රජයෙන් පිරිනමන ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී දේවි ෆිල්ම්ෆෙයාර් සම්මාන පහකටද හිමිකම් කියන්නීය. බොනී සහ ශ්‍රී දේවිගේ දියණියන් දෙදෙනා ජාන්වි සහ කුෂී තවමත් උසස් අධ්‍යාපනය හදාරති.
1979 වසරේදී උමේෂ් මෙහෙරා අධ්‍යක්ෂණය කළ Hamare Thumhare චිත්‍රපටයෙන් අනිල්ගේ රංගනය ආරම්භ විය. 1980 වනවිට ප්‍රධාන චරිතයක් ප්‍රථමයෙන් නිරූපණය කළේ තෙළිගු චිත්‍රපටයකිනි. යාෂ් චොප්රාගේ Mashaal (1981) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ ලද හොඳම නළුවාට හිමි සම්මානය ඔහු ලද ප්‍රථම සම්මානය විය. ඔස්කාර් සම්මාන ලාභී Slumdog Millionaire චිත්‍රපටයේ රංගනය ජාත්‍යන්තර මට්ටමෙන් ඔහුගේ ප්‍රථම රංගනය විය. ලොව පුරා ජනප්‍රිය අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් මාලාවක් වූ 24හි අටවැනි අදියරේදී අනිල් එය සමඟ සම්බන්ධ විය. My Whife’s Murder, Gandhi My Father වැනි චිත්‍රපට සමඟින් ඔහු නිෂ්පාදනයටද පිවිසියේය.
1984 වසරේදී සුනීතා
සමඟ විවාහ දිවියට පත් වූ අනිල්ගේ ජීවිතය හැඩ කළ දියණියන් දෙදෙනෙකි.
වැඩිමහල් දියණිය සෝනම් මෙන්ම බාල දියණිය රීහා ද සුරින්දර් කපූර් පවුලෙන් සිනමා ගමනේ යෙදෙති. සෝනම් කපූර් සිය සිනමා දිවිය ආරම්භ කළේ සන්ජේලීලා බන්සාලිගේ Black චිත්‍රපටයෙනි. ඒ සහාය අධ්‍යක්ෂවරියක ලෙසිනි.
I Hate Lve Stories, Raanjhanaa, Bhag Milka Bhaag, Khoobsurat, Dolly Ki Doli චිත්‍රපට සඳහා වූ ඇයගේ රංගනයන් සුවිශේෂ විය. අනිල්ගේ බාල දියණිය රීහා කපූර් සිනමාවට සම්බන්ධ වන්නේ නිෂ්පාදකවරියක ලෙසිනි. Aisha, Khoobsurat. ඇයගේ නිෂ්පාදන දායකත්වයෙන් නිම වූ සිනමා නිර්මාණ වේ. සන්ජේ කපූර් සුරින්දර් කපූර්ගේ බාල පුතු වේ. ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1995 වසරේ Prem චිත්‍රපටයෙනි. Raja, Mohabbat, Sirf Tum, Soch, Shakti, Darna Msns Hai වැනි චිත්‍රපට රැසක් සඳහා ඔහු රංගනයෙන් දායක විය. මහීප් සින්ධු සන්ජේගේ ආදරණීය බිරිඳයි. සන්ජේ – මහීප් යුවළට දරුවන් දෙදෙනෙකි. වර්තමාන බොලිවුඩ් සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි අර්ජුන් කපූර් බොනී කපූර් සහ මෝනා කපූර්ගේ පුත්‍රයා වේ. සහාය අධ්‍යක්ෂණයෙන් සිනමාවට පිවිසි ඔහු ජනප්‍රිය වූයේ නළුවෙකු ලෙසිනි.
නිඛිල් අද්වානිගේ Kal Ho Naa Ho චිත්‍රපටයේ ඔහු සහාය
අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළේය. 2 Syayes, Gunday, Finding
Fanny චිත්‍රපටවල
මෙන්ම මේ වසරේ තිරගත වූ Fugly හි රංගනයද විශේෂ කතාබහට ලක් විය.
අර්ජුන් බොලිවුඩ් සිනමාවේ දිගු ගමනක යෙදෙනු ඇතැයි සිනමා විචාරකයන් මත පළ කර තිබේ.
රංගන ශිල්පියෙකු වන මොහිත් මාර්වාහ් සුරින්දර් කපූර්ගේ මුණුබුරෙකු වේ. මොහිත්
සුරින්දර්ගේ එකම දියණිය රීනා සහ
මොහිත් සිනමාවට පිවිසියේ කබීර් සදානන්ද් අධ්‍යක්ෂණය කළ ජ්භඨතර චිත්‍රපටයෙනි. රන්වීර් සිං වර්තමාන බොලිවුඩයේ ඉහළ කතාබහකට ලක් වූ නළුවෙකි. Band Baaja Baaraat චිත්‍රපටයෙන් රංගනය ආරම්භ කළ ඔහුගේ රංගනය Lootera, Gunday, Finding Fanny, Raam Leela වැනි චිත්‍රපට වල සුවිශේෂ විය. රන්වීර් සිං, කපූර් පවුලට නෑකම් කියන්නේ අනිල්ගේ බිරිඳ සූනිතාගේ ඥාතීත්වයෙනි. රනිවීර්ගේ පියා ජග්ජිත් සිං භවනානි සුනීතාගේ මස්සිනා කෙනෙකි. රන්වීර් සිං භවනානි නම වෙනුවට ඔහු රන්වීර් සිං ලෙසින් භාවිත කරන්නේය.
|